ඉන්ධන මිල වැඩිකළත් ඩීසල් ලීටරයකිින් රු 100ක් සහ පෙට්‍රල් ලීටරයකින් රු 20ක් පාඩු ලබන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. අද කොළඹදි පැවැති මාධ්‍ය හමුවකදී ඔහු පැවැසුවේ මෙම පාඩුව පියවීමට රජය විසින් මාසයකට රුපියල් බිලියන 20ක වැයක් දරන බවයි.
ඉන්ධන මිල ඉහළ යෑම සම්බන්ධයෙන් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දැන් පැවැත්වෙන ප්රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මේ බව පැවසීය.මාර්තු 25වනදා ඩීසල් මෙ.ටො. 37,000ක නැවක් පැමිණීමට නියමිත බවද අමාත්‍යවරයා පැවැසීය.
නිසැක වශයෙන්ම රටක් ලෙස ඉන්ධන පරිභෝජනය අවම කළ යුතු බවත්, එයට පිළියමක් ලෙස QR කේතය හඳුන්වා දුන් බවද අමාත්‍යවරයා පැවැසීය. වාහන සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව වැඩි කළද සියලුදෙනා සවිඥානිකව මේ ලෙස සිතාබලා කටයුතු කළ යුතු බවද ඔහු කීය.