saravita-anim2

2026 මාර්තු මස 04 වන බදාදා

2026 මාර්තු මස 04 වන බදාදා

Latest News - timelapse 10784 hours ago

LATEST

ඉන්දීය NIA කණ්ඩායමක් දිවයිනට

calendar_today 2019 මැයි 29 - 08:05 remove_red_eye - 632  

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රි ලංකාව සිදුකරන විමර්ශනවලට සහාය දැක්වීම සඳහා ඉනදීය ජාතික විමර්ශන ඒජන්සියේ දෙදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් කොළඹට පැමිණ ඇතැයි ඉන්දීය මාධය වාර්තා කරයි.

ඒ අනුව තවදුරටත් අත්‍යාවශ්‍ය නොවන කටයුත සඳහා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙසට ඔවුන් පනවා තිබූ සංචාරක උපදේශනය ඉවත් කර තිබේ.

Read More

කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව සේවය කරමින් සිටියදී දෙමටගොඩ බෝම්බ පිපිරීමෙන් ජීවිතක්ෂයට පත් වූ පොලිස් සැරයන් භාතිය බණ්ඩාර රත්නායක මහතාගේ මෑණියන් වෙත රුපියල් ලක්ෂ 10ක මුල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

Read More

හැටන් නගරයේ පොලිතින් අලෙවි කරන වෙළදසැලක සේවකයෙතු සතු රු පහලොස්දහසක් පමණ වටිනා ජංගම දුරකථනය සොරාගත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනිමට හැටන් පොලීසිය සිසිටිවි දර්ශන ඔස්සේ පරික්ෂණ ආරම්භ කර ඇත.

Read More

බණ්ඩාරගම අමුලුගම ජයකොඩි කන්ද හා මැරුව ප්‍රදේශ ආවරණය වන පරිදි සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදි එම ප්‍රදේශයේ මුස්ලිම් ප්‍රාථමික විද්‍යාලයක් සිදු කළ සෝදිසි මෙහෙයුමකදි එම භූමිය තුළ තිබි කඩු සිවුරු ඇතුළු උපකරණ රැසක් සමඟ එහි විදුහල්පතිවරයෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

අනුරාධපුර මහනගර සභාව මගින් අනුරාධපුර කීරික්කුලම කසල අංගණයට කැලි කසළ බැහැර කරනු ලබන්නෙන් මහජන සෞඛයට අහිතකර අන්දමින් බවට අනුරාධපුර මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා කරනු ලැබීය.

Read More

මිනී මැරුම් සිද්ධියකට අදාළව රිමාන්ඞ් භාරයේ පසුවෙද්දී වැලිකඩ බන්ධනාගාරය තුළදී හෙරොයින් ළඟ තබාගැනීමේ චෝදනාවකට වරදකරුවු කුඩු ජාවාරම් කරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ජිවීතාන්තය දක්වා වු බරපතළ වැඩ සහිත සිරදඩුවම් නියම කළේය.

Read More

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ඇති රෝහල් සහ අනෙකුත් ඒකක වල වෛද්‍ය පරිපාලකයින්ට තාක්ෂණික කරුණු හැර වෙනත් කරුණු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරිමට අමාත්‍යාංශ ලේකම්වරයාගේ අවසර ලබාගත යුතු බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් පනාපිටිය මහතා ප්‍රකාශ කරයි.

Read More

තවුහීද් ජමාත් අන්තවාදී ත්‍රස්ත සංවිධානයේ දේශන ඇතුළු ක්‍රියාකාරකම් රැසක් අඩංගු සංයුක්ත තැටි (සී.ඩී) තොගයක් සන්තකයේ තබාගත් චෝදනාවට සැකපිට අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැලක්වීමේ පනතින් අධිකරණයට ඉදිරිපත් කල රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය ආයතනයක ජනමාධ්‍යවේදියා ත්‍රස්ත ක්‍රියාකාරකම් වලට සම්බන්ධවී නැති බවට හෙළි විමෙන් අනතුරුව ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරිමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් ජනක ප්‍රසන්න සමරසිංහ මහතා නියෝග කළේය.

Read More

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා ත්‍රිකුණාමලය, මඩකලපුව හා අම්පාර යන දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවල සම සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබ ඇත.

Read More

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය නිලධාරි ෂෙයිගු සිහාබ්දීන් මොහොමඩ් ෂාෆි මහතා අත්අඩංගුවට පත්වීම සහ ඔහුට විරුද්ධව ලැබී ඇති පැමිණිලි විමර්ශනය කිරිම සඳහා සය පුද්ගල විමර්ශන කමිටුවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය විසින් පත් කර ඇත.

Read More

ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අයත් උඩුගම්පොළ රාජ්‍ය බැංකුවක් කොල්ලකෑමට පැමිණි අවස්ථාවේදී එහි ආරක්ෂක නිලධාරිවරයා ක්ෂණිකව ක්‍රියාත්මක වී වෙඩි තැබීමට සුදානම් වීම මත කොල්ලය වැරදීමෙන් පළා ගොස් ඇති බව ගම්පහ පොලීසිය පවසයි.

Read More

ඌව කැරැල්ලට හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එක් වූ සෙන්පතින් 05 දෙනාද ජාතික විරුවන් ලෙස නම් කරන්නැයි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටීමේ යෝජනාවක් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධිකරණ කම්ටු රැස්වීමට ඉදිරිපත් කළේය .

Read More

කුරුණෑගල ප්‍රශ්නය පදනම් කරගෙන ජාතික අසමගිය ඇති කර ගැනීමේ උත්සාහයක් සමහරුන්ට තියෙනවා. අත්අඩංගුවට පත්වුනු වෛද්‍යවරයා සම්බන්ධයෙන් පරික්ෂණ අවසන් වෙන්න කළින් ඔහුව නිර්දෝශී කරන්න, නිදහස් කරන්න කතා කරනවා. වරදක් කළා නම් සිංහල දෙමළ මුස්ලිම් කාට වුණත් නිතිය ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

Read More

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඇතුළු මහවැලි අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක සියලූ සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් නිමකර එහි ප්‍රතිලාභ ජනතාවට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා අදාළ නිලධාරින්ට උපදෙස් ලබා දි තිබේ.

Read More

ගලේවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ නබඩගහවත්ත ග්‍රාම සේවා වසමේ ග්‍රාම නිලධාරීවරයාට සිය රාජකාරි කටයුතු ඉටු කිරීමට නොහැකි වන ආකාරයෙන් බාධා එල්ල කරන බව පවසමින් ගලේවෙල ප්‍රාදේශිය සභාවේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයෙකුට විරුද්ධව ග්‍රාම නිලධාරිවරයෙකු ගලේවෙල පොලීසියට පැමිණිලි කොට තිබේ.

Read More

පමුණුගම ප්‍රදේශයේ පිහිටි හෝටලයක පිහිණුම් තටාකයේ දිය නාමින් සිටි පොලිස් සැර‍යන් වරයෙක් ඊයේ (27) රාත්‍රියේ දියේ ගිලී මිය ගොස් තිබේ.

Read More

දැනට අත්අඩංගුවේ පසුවන කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍යවරයා දඹුල්ල රෝහලේ සේවය කරන කල්හි සිසේරියන් සැත්කම් සිදුකළ එහෙත් මේ වන තුරුත් ළමයෙකු පිළිසිඳ ගැනීම නොමැති වූ කාන්තාවන් දස දෙනකු අද (28) දින පෙරවරුවේ දඹුල්ල පොලීසියට සහ දඹුල්ල මූලික රෝහලට පැමිණ පැමිණිලි ඉදිරිපත් කරන්නට වූහ.

Read More

අන්තවාදීන්ට අවශ්‍ය විදිහට මේ රට හසුරුවන්න ඉදිරියට ඉඩ දෙන්න පුළුවන්කමක් නෑ. ඒ නිසා ඒ වෙනුවෙන් අපි නැගී සිටින්න ඕන, පෙනී සිටින්න ඕන. ඒ වෙනුවෙන් කොඩිය ගන්න ඕන තැන කොඩිය ගන්න ඕන. ඉස්සරහට එන්න ඕන තැන ඉස්සරහට එන්න ඕන යනුවෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

Read More

ගාල්ල වරාය පොලිස් වසමේ ගාල්ල පාලම අසල මාර්ග බාධකයේ රජකාරියේ යෙදි සිටි නිලධාරින් විසින් ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් වලංගු විසා නොමැතිව මෙරට රෑදි සිටි නයිජීරියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

අරාබි විදුහල් හා කුර්ආන් මද්‍රාසා පාසල් 1680ක් ලියාපදිංචි කර ඇති බවත් එම පාසල්වල ඉගැන්වීම් කටයුතු සඳහා විදේශයන්හි සිට පැමිණෙන ගුරුවරුන්ට සහ දේවස්ථාන කටයුතු සඳහා පැමිණෙන පූජකවරුන්ට මෙරට ගතකරන කාලසීමාව සඳහා පසුගිය වසරේ (2018) මුල් මාස 07 තුළ ඇතුළත් වීමේ වීසා 130ක් නිකුත් කළ බව මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ටයර් සෑදීමට භාවිත කරන රසායනික ද්‍රව්‍යයක් ගෙන්වන මුවාමෙන් මෙම බීඩිකොළ ගෙන්වා තිබේ.

Read More

එංගලන්තයේ හා වේල්සයේදී ආරම්භවීමට නියමිත එක්දින ලෝක කුසලානයට පෙරාතුව පැවැති දෙවැනි පුහුණු තරගයෙන්ද ශ්‍රී ලංකාව පරාජයට පත්විය.

Read More

අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇත විශ්වාසභංගයට පක්‍ෂව ඡන්දය ලබාදීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර ඇත.

Read More

ගාල්ල දිස්ත්‍රික්කයේ 2019 වර්ෂයේ මේ වනවිට ඩෙංගු රෝගීන් හතර දෙනෙකු මියගොස් රෝගීන් 1,700ක් වාර්තා වී ඇති බවත් මේ හේතුවෙන් ඉදිරි මාසය ඇතුලත දිස්ත්‍රික්කය තුළ ඩෙංගු රෝගය උත්සන්න වීමේ දැඩි අවදානමක් මතුව තිබෙන බවත් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පවසයි.

Read More

ත්‍රස්තවාදි , අන්තවාදී ක්‍රියා සිදුකරන, මූලධර්මවාදී වෛරී ප්‍රකාශ සිදු කරන කවුරුන් හෝ වේ නම් එක් ස්ථිර නීතියක් යටතේ මර්දනය කිරීම කළ යුතු බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.

Read More

කැකිරාව සෙම්බුකුළිය වැවේ සඟවා තිබූ අතිශය තියුණු මුවහත් විදේශ රටක නිෂ්පාදිත කැපුම් තල 300කට ආසන්න ප්‍රමාණයක් ⁣ ඊයේ (26) පස්වරුවේ ආරක්ෂක අංශ මගින් සොයා ගෙන ඇත.

Read More

මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කරමින් ඊට අදාළ වැඩසටහන් පුළුල් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන ඇත.

Read More

ප්‍රවීණ රංගන ශිල්පී ගාමිණි හෙට්ටිආරච්චි මහතා අද (27) අභාවප්‍රාප්තවි තිබේ.

Read More

අරුවක්කාලු කසල අංගණයේ ඉදිකිරීම් තවමත් සිදුවෙමින් පවතිද්දී එයට පිට නගරවල සිට කසල රැගෙන එම ගැන තමන් දැඩි විරෝධය පාන බව වනාතවිල්ලුව ප්‍රාදේශිය සභාවේ සභාපති එම්.එම් .සමන්ත මුණසිංහ මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.