කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව සේවය කරමින් සිටියදී දෙමටගොඩ බෝම්බ පිපිරීමෙන් ජීවිතක්ෂයට පත් වූ පොලිස් සැරයන් භාතිය බණ්ඩාර රත්නායක මහතාගේ මෑණියන් වෙත රුපියල් ලක්ෂ 10ක මුල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
භාතිය බණ්ඩාර රත්නායක මහතාගේ මෑණියන් වන කේ.ඒ. ඉනෝකා ශිරානි මහත්මිය විසින් අදාළ චෙක්පත ජනාධිපති අතින් භාරගත් අතර පවුලේ සාමාජිකයන් ද එම අවස්ථාවට එක්ව සිටියහ.
