හැටන් නගරයේ පොලිතින් අලෙවි කරන වෙළදසැලක සේවකයෙතු සතු රු පහලොස්දහසක් පමණ වටිනා ජංගම දුරකථනය සොරාගත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනිමට හැටන් පොලීසිය සිසිටිවි දර්ශන ඔස්සේ පරික්ෂණ ආරම්භ කර ඇත.
ඊයේ (27) දින දහවල් එම වෙළදසැලට පැමිණි තරුණයෙකු එම වෙළදසැලේ ඉලෙක්ට්‍රොනික් තරාදිය අසල තිබු දුරකථනය සේවකයාට නොදැනෙන සේ රැගෙන සාක්කුවට දමා ගන්නා අයුරු එම වෙළදසැලේ ආරක්ෂිත කැමරා පද්ධතියේ සටහන් වි තිබුණි.
දුරකථනය නොමැති බව තහවුරු විමෙන් පසු එම වෙළදසැලේ සවි කර ඇති ආරක්ෂක කැමරා පද්ධතිය පරික්ෂා කිරිමෙදි සොරකම පිළිබඳව අනාවරණය වි ඇත.
ජංගම දුරකථන අයිති වෙළදසැලේ සේවකයා විසින් හැටන් පොලීසියට පැමිණිල්ලක් කර ඇත.
එම පැමිණිල්ල මත හැටන් පොලීසිය විසින් සිසිටිවි දර්ශන ඔස්සේ පරික්ෂණයක් ආරම්භ කර ඇත.
