saravita-anim2

2026 මාර්තු මස 04 වන බදාදා

2026 මාර්තු මස 04 වන බදාදා

Latest News - timelapse 10795 hours ago

LATEST

රිෂාඩ් ගැන පරීක්ෂණයක් කරන්න - මනූෂ

calendar_today 2019 මැයි 26 - 18:12 remove_red_eye - 713  

ඔහු ත්‍රස්තවාදයට සම්බන්ධ නම් අත්අඩංගුවට ගැනීමට පමණක් ‌නොව එල්ලුම් ගස් යැවීමට සහාය ලබාදෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

ස්වාමීන් වහන්සේලා දෙනමක් විසින් මෙම පැමිණිලි ඉදිරිපත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

Read More

වීරකැටි පොලිස් වසමේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ සවිකර තිබූ රුපියල් ලක්ෂ 1,006,500 බිම් යකඩ තහඩු සොරකම් කිරීමක් සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු ඊයේ ( 25දා) අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ සිට බෝට්ටුවකින් කේරළයේ ලක්ෂද්වීප් දිවයින් වෙත ගමන් කර ඇති අයි.එස්.අයි.එස්. ත්‍රස්තයින් 15 දෙනෙකු පිළිබඳව ඉන්දීය බුද්ධි අංශ වාර්තාවකට අනුව කේරළ ආරක්ෂක අංශ දැඩි අවධානයකින් පසුවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Read More

ශ්‍රී ලංකාවට වැඩම කර සිටින තායිලන්ත මහානායක හිමිවරුන් ඇතුළු බෞද්ධ දූත පිරිස ඊයේ (25දා) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ සිරිසේන මහතා හමුවූහ.

Read More

වැලිපැන්න පොලිස් වසමේ අද (26දා) යුද හමුදාව, විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය එක්ව කරන ලද සෝදිසි මෙහෙයුමකදී නිවසක් තුළ ඉදිකළ භූගත කාමරයක් සොයාගෙන ඇත.

Read More

කොළඹ සිට බදුල්ල බලා ධාවනය කරමින් තිබූ පොඩිමැණිගේ සීග්‍ර ග්‍රාමී දුම්රිය හපුතලේ හා දියතලාව ස්ථාන අතර පීලිපැනීමකට ලක්ව ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

Read More

උරස් කුහරයේ හා උදර කුහරයේ මහාධමනිය සෙන්ටිමීටර් හතක් පමණ ප්‍රසාරණය වි තිබු පුද්ගලයෙකුට විස්මිත සැත්කමක් සිදුකොට එම පුද්ගලයාගේ ජිවිතය බේරාගැනිමට කරාපිටිය ශික්ෂණ රෝහලේ රුධිරවාහිනි හා අවයව බද්ධ කිරිම පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උඹේසිරි මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් සමත්ව ඇත.

Read More

අයථා වත්කම් ඉපයීම ඇතුළු චෝදනා කීපයක් සම්බන්ධයෙන් කුරුණෑගල පොලීසිය අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරන ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයාට එරෙහිව කාන්තාවන් දෙදෙනකු අද (26) කුරුණෑගල ශික්ෂණ රෝහලේ පාලනාධිකාරිය වෙත පැමිණිලි කළහ.

Read More

එක් කිරි පට්ටිය උපදේශකවරයෙකු ට දෛනිකව කිරි ලීටර් පන්දාහක ඉලක්කයක් සැපිරිය යුතු බවත් එසේ නොකර තම වැටුප සාධාරණයක් ඉටු නොකරන නිලධාරීන් වෙනුවෙන් ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසයි.

Read More

’’දර්ගා ටවුන් බ්‍රේකින් නිව්ස්’’ නමින් සාමාජිකයන් 100 අතර අන්තවාදයට පක්ෂපා වට්ස්ඇප් ජාලයක් මෙහෙයවූ ප්‍රධාන සැකකරු සමඟ තවත් පුද්ගලයන් දෙදෙනකු ඇතුළු සැකකාර මුස්ලිම් ජාතික වයස 23 හා 20 වයස්වල පසුවන තරුණයින් තිදෙනකු අලුත්ගම පොලිසිය ඊයේ (25දා) සවස අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.

Read More

පසුගිය වසරේ අප්‍රේල් මාසයට සාපෙක්ෂව මේ වසරේ අප්‍රේල් මාසයේදී කොළඹ වරායේ මෙහෙයුම් ධාරිතාව 9.1%ක් ලෙස වර්ධනයක් ලබාගෙන ඇති බව කොළඹ වරාය නිවේදනය කරයි.

Read More

ඉන්දීය මහ මැතිවරණයෙන් ජය ලබා නැවතත් ඉන්දිය අග්‍රාමාත්‍යවරයා ලෙස තේරි පත්වූ නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම් දීමේ උත්සවයට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එක්වීමට නියමිත බව ඉන්දියාවේ ද හින්දු පුවත් සේවය වාර්තා කරයි.

Read More

තහනම් කළ ජාතික තව්හීද් ජමාත් සංවිධානය සමග සබඳතා පැවැත්වූ බවට හොරොව්පතානේදී සැකපිට අත්අඩංගුවට පත් සැකකරුවන් පස් දෙනා සන්තකයේ තිබූ බැංකු ගිණුම්වල රුපියල් බිලියනයකට අධික මුදලක් ඇති බව පොලීසිය විසින් අණාවරණය කරගෙන තිබේ.

Read More

මුස්ලිම් කාන්තාවන්ගේ විවාහ වන වයස් සීමාව අවුරුදු 18ක් බවට පත්කිරිමට අදාළව මුස්ලිම් විවාහ හා දික්කසාඳ පනත පනත සංශෝධනය කිරිමට අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිිංහ මහතා පවසා තිබේ.

Read More

ත‍්‍රස්තවාදීන්ගේ දෙවැනි ප‍්‍රහාරය පොසොන් පොහොයට පෙර බවත් ඉලක්කය භයානක බවත් සඳහන් අත්පත‍්‍රිකා රත්නපුර නගරයේ බෙදාහැරිය බව කියන පනස්හතර හැවිරිදි වියේ පුද්ගලයෙක් 25දා සවස රත්නපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

Read More

මහවිලච්චිය, කුඩා තම්මැන්නාව වැවේ වතුර වැලක තිබී සැකකටයුතු අන්දමින් මිය යන තරුණයින් දෙදෙනෙකුගේ මළ සිරුරු හමුවූ බව පොලීසිය පවසයි.

Read More

ජාතික තවුහීද් ජමාත් සංවිධානයට සම්බන්ධ බවට සැකකරන මුස්ලිම් ජාතික පුද්ගලයන් දෙදෙනෙකු යුද හමුදාව විසින් ඊයේ (25දා) අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අයථා ආකාරයට වත්කම් උපයාගත හැකි බවට සැකපිට අත්අඩංගුවට පත් කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරි වේද වෛද්‍ය සෙයිගු සියාබ්ඩීන් මොහොමඩ් සාෆි නැමති දොස්තර පිළිබඳව වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ.

Read More

සතොස ආයතනයෙ 2014-2015 කාලයේ සහල් ආනයනය කිරීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතාවක් පිළිබඳව ප්‍රකාශයක ලබාදීම සඳහා

Read More

බඳුරලිය පාසලක අත් බෝම්බ පාර්සලයක් තබා යෑමේ සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩගුවට පත් 32 හැවැරිදි පවත්‍ර මධුශංක නම් සැකකරු වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර දී තිබේ.

Read More

ඉදිරියේදි මුං ඇට හා රට කජු ආනයනය සම්පූර්ණයෙන් නවත්වන බව කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා පවසයි.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට චීනය පනවා තිබූ සංචාරක තහනම ඉවත් කර තිබේ.

Read More

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු ඇතුළු පොලිස් අධිකාරීවරුන් පස් දෙනෙකුට වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථානමාරුවීම් ලබාදී තිබේ.

Read More

අවුරුදු 42ක් වන සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි යන අය මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

රුපියල් කෝටි දෙකකට අධික හෙරොයින් කිලෝ 2.024ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

ශ්‍රී ලංකාව වෙත පනවා ඇති සංචාරක තහනම් නියෝග ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විදේශීය තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන්ගෙන් ඉල්ලා සිටියේය.

Read More

ජූනි 05 වන දාට යෙදෙන ජගත් පරිසර දිනයට සමගාමීව පරිසර සතියක් ප‍්‍රකාශයට පත් කරමින් පරිසරය වෙනුවෙන් මේ වන විට ක්‍රියාත්මක කර ඇති සියලු වැඩසටහන් වඩා ශක්තිමත් සහ කාර්යක්ෂම කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශ වෙත උපදෙස් දෙයි.

Read More

ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කිරීමට මත්තෙන් ශ්‍රී ලංකා කණ්ඩායම එක්වූ පළමු පුහුණු තරගයෙන් ලකුණු 87ක පහසු ජයක් ලැබීමට ප්‍රතිවාදී දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්විය.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධව අත්අඩංගුවට පත් සැකකරුවන්ගේ බැංකු ගිණුම් 41ක තිබූ රුපියල් මිලියන 140කට අධික මුදලක් තහනම් කිරිමට පොලීසිය කටයුතු කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.