මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කරමින් ඊට අදාළ වැඩසටහන් පුළුල් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන ඇත.
ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ජූනි 22 වනදා සිට ජූලි 01 වනදා දක්වා ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් ද ප්‍රකාශයට පත් කරමින් දීප ව්‍යාප්තව ගෙන යන වැඩසටහන් විධිමත්ව සහ කාර්යක්ෂම කිරීමට නියමිතය.
මත්ද්‍රව්‍ය පාලනය සහ අපරාධ අවම කිරීමට අදාළ පනත් කෙටුම්පත් පිළිබඳ ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවකදි මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.
සුරාබදු ආඥා පනත හා විෂ මත්ද්‍රව්‍ය ආඥා පනත සංශෝධනය, බන්ධනාගාරවල ආරක්ෂාව, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය මෙන්ම රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය විශ්ලේෂණයට අදාළ ගැටලූ ආදිය ද මෙහිදී සාකච්ඡාවට බදුන් කෙරිණි.
පූජ්‍ය කුප්පියාවත්තේ බෝධානන්ද ස්වාමින්වහන්සේ ද , අමාත්‍යාංශ ලේකම්වරු, අදාළ ආයතන ප්‍රධානින් ඇතුළු රාජ්‍ය නිලධාරින් ද, වැඩබලන පොලිස්පති සී.ඞී. වික්‍රමරත්න මහතා ඇතුළු ආරක්ෂක අංශ ප්රධානිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
කෂිනි හපුආරච්චි
