වෛද්‍ය පරිපාලකයින්ට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැනුම්දිමක්
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ඇති රෝහල් සහ අනෙකුත් ඒකක වල වෛද්‍ය පරිපාලකයින්ට තාක්ෂණික කරුණු හැර වෙනත් කරුණු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරිමට අමාත්‍යාංශ ලේකම්වරයාගේ අවසර ලබාගත යුතු බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් පනාපිටිය මහතා ප්‍රකාශ කරයි.
විශේෂයෙන්ම වෛද්‍ය පරිපාලකයින් මාධ්‍ය හමුවක් පවත්වා මාධ්‍යයට කරුණු දැක්වීමේ දී අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් අවසර ලබාගත යුතු බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.
මෙම තීරණය පිළිබඳව සියලුම වෛද්‍ය පරිපාලකයින් දැනුවත් කර ඇති බවත් ඉන් පරිබාහිරව කටයුතු කරන වෛද්‍ය පරිපාලකයින්ට එරෙහිව විමර්ශන ක්‍රියාත්මක කරන බවත් වැඩබලන සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අවධාරණය කර සිටියි.

popular news
-
Deepal Nirosh Wednesday, 29 May 2019 09:31 AM
පුදුමයි ඒත් ඇත්තයි, මේ නිලධාරීන්ට නිතිය ක්‍රියාත්මක කරන්න තියන වුවමනාව කුරුණෑගල දොස්තර සම්බන්ධයෙන් නැති හැටි
Reply : 0 0
Don Wednesday, 29 May 2019 09:35 AM
එමනිසා GMOA එකේ ඉන්න අයට මාධ්‍ය සාකච්චා පවත්වන්න සෞඛ්‍ය ලේකම්ගෙන් අවසර ගන්න වෙයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

