ඉන්දීය NIA කණ්ඩායමක් දිවයිනට
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රි ලංකාව සිදුකරන විමර්ශනවලට සහාය දැක්වීම සඳහා ඉනදීය ජාතික විමර්ශන ඒජන්සියේ දෙදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් කොළඹට පැමිණ ඇතැයි ඉන්දීය මාධය වාර්තා කරයි.
ඉන්දීය පොලිස්පතිවරයෙක් හා තවත් පුද්ගලයෙක් මෙම කණ්ඩායමට ඇතළත් වෙයි. මෙම කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ ඔවුන් සම්බන්ධයෙන් පවතින තොරතුරු ශ්‍රී ලංකා විමර්ශන සඳහා බෙදා ගැනීමටත් ශ්‍රී ලංකාවේ විමර්ශනවදී හෙළිව ඇති තොරතුරු ඉන්දියාවට වැදගත්නම් ඒවා ලබාගැනීමත්ය.
කේරළයේ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයට එක්වීම සඳහා 21 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඇෆ්ගනිස්ථානය වෙත පිටත්ව ගොස් තිබේ. ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ ඉන්දීයාව අණාවරණය කරගෙන ඇත්තේ එම කණ්ඩායමට නායකත්වය දුන් අශ්ෆාක් මජීඩ් ඇෆ්ගනිස්ථානයට පිටත්වීමට පෙර යාපනයට පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ.
මේ අතර 15 දෙනෙනකුගෙන් යුත් අයි.එස්.අයි.එස්. කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සිට බෝට්ටුවක් හරහා කේරළයේ ලක්ෂද්වීප් වෙත ගමන් කර ඇතිබවටත් ඉන්දීය බුද්ධි අංශ තොතුරු අණාවරණය කරගෙන තිබේ.

popular news
-
Champa Wednesday, 29 May 2019 09:46 AM
ඇමරිකන්කාරයොයි ඉන්දියන්කාරයෝයි ඔක්කම මෙහෙ බින්න බහින්න වගේ හදන්නේ ඊළඟ චන්දෙ වෙනකම්. ගියපාර හොරෙන් පිටිපැස්සේ ඉඳන් ලංකාවේ චන්දෙ මෙහෙයෙව්වා. දැන් මේ පාර රට ඇතුලට ඇවිල්ල බැහැලාම වගේ චන්දෙ කරන්න යන්නේ. සිංහලයෙනි අවදිවව්! අපිව හැම පැත්තෙන්ම කොටු කරගෙන යනවා. ගිය අවුරුද්දේ මෙතනටම ලිව්වා ලංකාවේ ඊළඟ ජන සංගණනය ආවහම සිංහලයට තරු පෙනෙයි කියල. දැනටම පෙනිලා තියෙන්නේ. සිංහලයෝ ඔක්කොම එකතු වෙලා එක මිනිහෙක් චන්දෙට දැම්මේ නැතුව වෙනද වගේ බෙදිලා චන්දෙට ගියොත් සිංහලයන්ට අනාගත රාජ්‍ය බලය අහිමි වෙනවා. 2015 රටවල් කීපයයි වහල් ආනුවට හිටියේ, ඊළඟ පාර ජාත්‍යන්තරයම අපේ ජනාධිපතිවරණෙට එනවා. කොහොම හරි සිංහල වුනත් බෞද්ධ නොවෙන තවත් වහලෙක් තමයි එවුන්ගේ තේරීම වෙන්නේ. දැන් ලංකාව බෞද්ධ කියල රාජ්‍ය මට්ටමින් පෙනෙන්නේ නැහැ. මේ වෙසක් එකට කොළොඹ අනාගාමික කළා. ගිය අවුරුද්දේ ආමිස පූජා දන්සල් වල වැට බැන්දා. මේ පාර මිනිස්සු පන්සල් එන්නෙම නැති කරලා සිල් සමාදන් වෙන එකත් නතර කළා. මේ ගමන තවදුරටත් මෙහෙම ගියොත් වෙහෙර විහාර කඩන්නත් පටන් ගනියි. මහ පොළොවත් කම්පා වෙයි.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

