ජනපතිගෙන් හිස්බුල්ලාට නව තනතුරක්
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා ත්‍රිකුණාමලය,මඩකලපුව හා අම්පාර යන දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවල සම සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබ ඇත.
නැගෙනහිර පළාතේ සිදු කෙරෙන සංවර්ධනයන් සොයා බලා ඒවා කඩිනම් කිරිම වෙනුවෙන් මෙම පත්විම ලබා දි තිබෙන බවයි වාර්තා වන්නේ.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සම සභාපතිවරුන් ලෙස වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය ඇමති එම්.ඒ.එම්.මහරුප් හා පාර්ලිමේන්තු මන්ත්‍රි ආර්.සම්බන්ධන් දැනට කටයුතු කරයි.

popular news
-
rocky Tuesday, 28 May 2019 06:37 PM
ආන්න, නියම සංහිඳියාව. දැන් හිස්බුල්ලා උන්නැහේ තමයි අපේ ජනාධිපති තුමාගේ දකුණු අත!
Reply : 0 7
Dayan Tuesday, 28 May 2019 07:14 PM
තව ගොඩක් දෙන්න ඕන. සිංහල ජාතියට කොච්චර සේවයක් කරලා තියෙනවද. ජනාධිපතිතුමා ඒවා දන්නවා, පත්තරෙත් තියෙන්න ඇති.
Reply : 0 9
Champa Wednesday, 29 May 2019 05:30 PM
හෑ, කෝ මගේ comment එක????? "අද" බයගුල්ල, මගේ comment එක කපල. පත්තරකාරයෝ comment එකක් දාන්නත් බයයි නම් ඔය කියන මාධ්‍ය නිදහස තියෙන්නේ කොහෙද? CT එකේ එක news එකට චූටි දෙවෙනි comment එකක් දැම්ම ඊට පස්සේ ඒ news එක පිටින්ම අතුරුදහන් වෙලා. මාධ්‍ය ඔක්කොගෙම කකුල් mandolin ගහන්න පටන් ගන්නවා ජනාධිපති ගැන මුකුත් ලිව්වොත්. මාධ්‍යත් බය නම් තවත් මොනවාද? තනිකරම මහා මාධ්‍ය මර්දනයක් සහ අදහස් ප්‍රකාශ කිරීමේ මහා වැට බඳිල්ලක් ක්‍රියාත්මක වෙනවා. තව ලිව්වොත් "අද" බයගුල්ල මේකත් දාන එකක් නැහැ. මහින්දට ඒකාධිපතිය කිව්වාට මූනේ ඒකාධිපතිය. මිනිහ දැන් ගෙදර යන්න බයේ මිනිස්සුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස නැති කරලා. ජනාධිපතිවරනෙට මාස 6 කට ඉස්සෙල්ල මෙහෙම නම් ඒ ලං වෙනකොට කොහොමට තියෙයිද? මිනිහගේ හොඳ කියන news විතරක් පත්තරේ යයි. විරුද්ධ අදහස් කිසිවකට ඉඩක් නැතුව. දැන් ලියන්න ඉඩ නොදුන්නට වැඩක් නැහැ. 2015 ඉඳන් ලියන්න ඕනේ ඒවා ඔක්කොම ලියල ඉවරයි. ගිනි කන්ද පුපුරනවා. නවත්තන්න බැහැ. අඩෝ, "අද" බයගුල්ල, පත්තර වලට ජාතික මෙහෙවරක් කරන්න පුළුවන් කම තියෙත්දී කඩේ යන්න එපා අනේ.
Reply : 0 43
ranjith Thursday, 30 May 2019 12:38 PM
රටේ මිනිස්සුන්ගේ අවාසනාවට කාලෙන් කාලෙට නායකයෝ පත්වෙනවා අපිට අ පව් ගෙවන්න වෙනවා අපිම පත් කරගත්තු නායකයෝ නිසාම
Reply : 0 8
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

