පමුණුගම ප්රදේශයේ පිහිටි හෝටලයක පිහිණුම් තටාකයේ දිය නාමින් සිටි පොලිස් සැරයන් වරයෙක් ඊයේ (27) රාත්රී දියේ ගිලී මිය ගොස් තිබේ.
දියේ ගිලී බරපතළ තත්ත්වයෙන් පසුවු පොලිස් සැරයන්වරයා පමුණුගම රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 58ක් පමණ වූ විජේවත්ත, කිඹුලාපිටිය, කටාන ලිපිනයේ පදිංචි රූබසිංහගේ ආරියතිලක රූබසිංහ යන දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙකි.
රාජකාරී අවසන් වී හෝටලයට ගොස් දිය නාමින් සිටින විට මෙම අනතුර සිදු වී ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (28) දින මීගමුව රෝහලේ දී සිදු කිරීමට නියමිතය.
පමුණුගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
