දෙවැනි පුහුණු තරගයත් ලංකාව පරාදයි
එංගලන්තයේ හා වේල්සයේදී ආරම්භවීමට නියමිත එක්දින ලෝක කුසලානයට පෙරාතුව පැවැති දෙවැනි පුහුණු තරගයෙන්ද ශ්‍රී ලංකාව පරාජයට පත්විය.
ඔස්ට්‍රේලියාව හා සවුත්හැම්ප්ටන් පිටියේ පැවැති මෙම තරගයේදී කඩුලු 5ක පහසු ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදී ලකුණු 239/8ක් (තිරිමාන්න 56/ ධනංජයද සිල්වා 43/කුසල් මෙන්ඩිස් 24/ඇඩම් සැම්පා 39/2) රැස්කිරිමට සමත්විය.
ලකුණු 240ක ජයග්රාහි ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 44.5කදී කඩුලු පහක් දැවි ලකුණු 241 (කවාජා 89/මැක්ස්වෙල් 36/වැන්ඩසේ 51/2) රැස්කරමින් තරගය ජයග්‍රහණය කළේය.
ඒ අනුව ලෝක කුසලාන තරගාවලියට පෙරාතුව පැවැති පුහුණු තරග දෙකෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්විය.

-
සිරිබිරිස් Tuesday, 28 May 2019 06:50 AM
ලංකාවේ පරාදවීම් ක්‍රීඩාවට පමනක් පොදු නැහැ ලංකාව සෑම අතින්ම පරාදයි.ටිකක්හෝ ජයග්‍රාහීව සිටින්නේ ආරක්ෂක හමුදාවන් පමණයි. විවෘත ආර්ථිකය ඇතිකලදා සිටමේ රටේ දෙයියන්ටත් වැඩියෙන් දෙයියන්ගේ මල්ලිට තැනක් ඇතිනිසා මෙහෙම වෙනවා කියන්න පුලුවන්
Reply : 0 3
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

