රාජ්‍ය සේවය කියලා කියන්නේ අවංකවම කරන්න ඕන සේවයක් බවත් ඒක ඇමතිගේවත් ජනාධිපතිගේවත් අගමැතිගේවත් සේවයක් නොවන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළාය.
පාස්කු ඉරිදා ප්‍රහාරයට ලක්වු මඩකලපුව සියොන් දේවස්ථානය නිරික්ෂණයට කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හෙට (15) දිනයේදි සහභාගි විමටට නියමිත බව කොළඹ අගරදගුරු නිල නිවසේ ප්‍රකාශකවරයෙකු සඳහන් කරයි.
Read Moreතලවකැලේ නගරයේ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක ව්‍යාජ වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් වෛද්‍ය ප්‍රතිකාර සිදු කරන ලද බවට තොරතුරු ලැබීමෙන් පසු අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවෙකු අද (14) නුවරඑළිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට තලවකැලේ පොලීසිය විසින් පියවර ගෙන තිබිණි.
Read Moreමීගමුව ධීවර වරායෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක තුවාල ලබා සිටි ධීවරයෙකු බේරා ගෙන , ගාල්ල, කරාපිටිය ශීක්ෂණ රෝහලට වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව පියවර ගෙන තිබේ .
Read Moreඉන්දීය සාගර කලාපය ගැටුම්වලින් තොර නිදහස් හා සාමකාමී ප්‍රදේශයක් බවට පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රි ලංකාව දරන ප්‍රයන්තය අගය කරන බවත්, ඒ සම්බන්ධයෙන් පූර්ණ සහය ලබා දීමට කටයුතු කරන බවත් සිංගප්පූරු ස්වදේශ කටයුතු අමාත්‍ය කේ. ෂන්මුගම් මහතා පැවසීය.
Read Moreමින් ඉදිරියට දේශීය බී ළූනු ගොවියාගේ අස්වැන්න මිලදී ගැනීමෙන් තොරව ආනයනකරුවන්ට බී ළූනු ආනයනය සඳහා අවසර නොදෙන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.
Read Moreආවා කල්ලියට කිසියම් ගැටලුවක් ඇත්නම් හෝ විසඳුමක් අවශ්‍ය වන්නේ නම් ඕනෑම අවස්ථාවක ආරක්ෂකයින් නොමැතිව ඕනෑම ස්ථානයකට පැමිණ සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව පවසමින් උතුරු ආණ්ඩුකාර ආචාර්ය සුරෙස් රාඝවන් මහතා අද (14) ආවා කල්ලියට විවෘත ආරාධනාවක් සිදු කළේය.
Read Moreමස්කට් සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ඕමාන් ගුවන්සේවයට අයත් WY 371 දරන මගී ප්‍රවාහන ගුවන්යානය කටුනායක අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මත්තලට ගොඩබස්වා තිබේ .
Read Moreමුලතිව් සෙල්වපුරම් ප්‍රදේශයේ පිහිටි විශාල තල් ගස් යායක් හදිසියේ ඇති වූ ගින්නක් හේතුවෙන් ඊයේ (13) දින සවස සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවට ප්‍රදේශවාසීන් කියා සිටිති.
Read Moreපන්නල , ඉරබඩගම ඔමේගා ලයින් ඇගලුම් කම්හලේ අද (14) උදෑසන 2 ට පමණ හදිසි ගින්නක් හටගැනිමෙන් එහි ලයින් වන් ගොඩනැගිල්ල ගින්නෙන් දැවි ගොස් ඇති බව වාර්තා වේ.
Read Moreමඩකලපුව , වව්නතිව් පොලිස් මාර්ග බාධකයට ඉකුත් 2018.11.30 දින රාත්‍රී පහර දී , එහි රාජකාරියේ නියැලී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා මරා දැමූ , තවුහිද් ජමාද් සංවිධානයට අයත් ප්‍රධාන සැකකරු ඇතුළු තවත් එම සංවිධානයට අයත් පස් දෙනෙකු අද (14) දින අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් සෞදි අරාබියේ දී අත්අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .
Read Moreකල් ඉකුත් වීම හේතුවෙන් භාවිතයෙන් ඉවත් කිරීමට නියෝග කර තිබූ ෆෝලික් ඇසිඩ් ඖෂධ පෙති මිලියන 552ක මුළු තොගයෙන් 98෴ක ප්‍රමාණයක් ගර්භිණී මවුවරුන් වෙත නිකුත් කර ඇති බවට අනාවරණය වී ඇතැයි කොළඹ මහනගර සභා මන්ත්‍රිනී ශර්මිලා ගෝනවල මහත්මිය ප්‍රකාශ කළාය.
Read Moreවිජය පුවත්පත් සමාගම විසින් 16 වැනි වරටත් පවත්වනු ලබන ලංකාදීප පොසොන් ආලෝක පූජාව හෙට (15දා) සිට 17 වැනිදා දක්වා තන්තිරිමලේ ඓතිහාසික පුදබිමේදී පැවැත්වේ. විදුලි බුබුළු දස දහස් ගණනකින් මෙවරද තන්තිරිමලේ ඓතිහාසික පුද භූමිය ඒකාලෝකමත් වේ.
Read Moreපාසල් වෙත ආරක්ෂාව ලබා දීමට දෙමාපියන් සහභාගි කර නොගන්නා ලෙස නිකුත් කර තිබූ චක්‍රලේකය තවමත් විදුහල්පතිවරුන්ට නොලැබීමෙන් විදුහල්පතිවරු දැඩි අපහසුතාවට පත්ව තිබේ.
Read Moreගොවීන් නිපදවනු ලබන ප්‍රාථමික අපනයන වෙළඳපොළට ගැලපෙන පරිදි අගය එකතු කිරීමේ ඒකාබද්ධ ක්‍රියාවලියක් තුළ ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් අදියර දෙකක් යටතේ රට තුළ අපනයන නිෂ්පාදන ගම්මාන 5000ක් පිහිටුවීමට නියමිතය.
Read Moreහිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන්, හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, හිටපු බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි යන මහත්වරුන් එරෙහිව මේ වන විට පැමිණිලි 27කැ ලැබී ඇති බව පොලීසිය පවසයි.
Read Moreනිරිත දිග මෝසම් තත්ත්වයත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ඩෙංගු රෝගීන් වාර්තා විමේ ඉහළ යාමක් පෙන්නුම් කළ එය වසංගත තත්ත්වයක් බවට පත් විය හැකි බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read Moreබඩඉරිඟු මිලට ගත් තොග ගබඩාකරුවන් සහ අතරමැදියන් බඩඉරිඟු තොග ඉදිරි සති දෙක තුළ නිදහස් නොකළොත් බඩඉරිඟු ආනයනය සඳහා ඉඩ ලබාදෙන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා සඳහන් කළේය.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරයේ සම්පූර්ණ වගකීම අනිවාර්ය නිවාඩු යවා තිබෙන පොලිස්පතිවරයා ඇතුළුව රාජ්‍ය නිලධාරීන් භාරගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේය.
Read Moreආපන ශාලා හිමියන්ගේ සංගමයේ හිටපු සභාපති අසේල සම්පත් මහතා විසින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට විරුද්ධව සිදුකළ පැමිණිල්ලකට අදාළව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පැය දෙකක ප්‍රකාශයක් අද (13දා) ලබාදුන්නේය.
Read Moreමතභේදයට තුඩුදී ඇති භාණ්ඩාකාර බැඳුම්කර නිකතුව මගින් රජයට කෝටි ගණනක පාඩුවක් කරමින් මහා පරිමාණ වංචාවක් කර ඇති බවට හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට හා පරපෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ ඇතුළු 10කුට එරෙහිව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පැවැරීමට අගවිනිසුරුවරයා විසින් නීතිපතිවරයාට අවසර දුන්නේය.
Read Moreඉදිරි සතියේ පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි විය හැකි බවට විශ්වාස කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය සඳහන් කරයි.
Read Moreඅධ්‍යාපනයට අදාළ විවිධ ගැටලු විසඳා ගැනීමේ අරමුණින් මහජන දිනය දා, බදාදා අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණෙන ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරදීම සඳහා ම කැප වී කටයුතු කරන්නැයි අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දි ඇත.
Read Moreලෝකයේ ඉස්ලාම් රටවල් 17 ක තානාපතිවරු කථානායක කරු ජයසූරිය මහතා සමග විශේෂ හමුවක් පෙරේදා (11දා) දින පාර්ලිමේන්තුව වෙත පැමිණ සිටියහ.
Read Moreරටක සංකීර්ණ වටපිටාවක් දේශපාලන ආර්ථික බලපෑම් වශයෙන් තියෙන අවස්ථාවක අගමැති ජනපති දෙදෙනා ම රටින් බැහැරව ගොස් ඇති බවත් බිලියන විසි එකක් රටේ ජනතාව නිශ්ශබ්දව ඉන්නේ කරන්න දෙයක් නැති නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
Read Moreසෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට විරුද්ධව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට බාර දී තිබෙන පැමිණිලි කඩිනමින් විමර්ශනය කරන ලෙස ඉල්ලා සත්‍ය ගවේෂකයෝ සංවිධානය විසින් කොළඹ කොටුවේ පිහිටි එම විමර්ශන කොට්ඨාසය ඉදිරිපිටදී අද(13දා) දහවල් නිහඬ උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.
Read Moreඉදිරි ජනාධිපතිවරණ ඡන්දයේදි වත්මන් ආණ්ඩුව සුනාමියට ගසාගෙන යන පොල් කෝම්බයක් වගේ ගෙදර යැවිමට සියලු දෙනා වගබලා ගත යුතු බවත් ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපෙක්ෂකයා ලෙස ජනතාවගේ අපෙක්ෂාව වි ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා බව පාර්ලිමෙන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
Read Moreනෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගන්නැයි බලකරමින් අන්තර් සමාගම් සේවක සංගමයේ නෙවිල් ප්‍රනාන්දු රෝහල් ශාඛාව විසින් කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට අද (13දා) දහවල් විරෝධතාවක් සංවිධානය කර තිබිණි.
Read Moreඩබලන පොලිස්පති, අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට ඔහු දැනුම් දී ඇත්තේ මෙම සිදුවීම් මහජන කැළඹීමක් පවා ඇතිවන සිදුවීම් බවත් එම සිදුවීම්වල විමර්ශනවල අනිසි ප්‍රමාදයක් ඇති බවට පෙනී යන හෙයින් එම විමර්ශන කඩිනම් කරන ලෙසත් නීතිපතිවරයා දන්වා ඇත.
Read Moreශ්‍රි ලංකාවේ සෞඛ්‍ය සේවාව නංවාලිම සඳහා අවශ්‍ය පූර්ණ සහයෝගය ලබා දීමට තමන් සූදානම් බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කළ බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
Read More