මුලතිව් සෙල්වපුරම් ප්රදේශයේ පිහිටි විශාල තල් ගස් යායක් හදිසියේ ඇති වූ ගින්නක් හේතුවෙන් ඊයේ (13) දින සවස සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවට ප්රදේශවාසීන් කියා සිටිති.
අදාළ ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර තල් වනය අසල ධීවරයින්ගේ උපකරණ ගබඩාවක්ද පිහිටි අතර කිසියම් පුද්ගලයෙකු විසින් ගිනිතබන්නට ඇති බවට සැක සහිත බවට සෙල්වපුරම් ධීවරයින් හා ප්රදේශවාසීහු පවසති.
හදිසියේම ඇති වූ ගින්න තල් වනයට පැතිරීම හේතුවෙන් සියලුම තල්ගස් පිළිස්සී ඇති අතර පවතින දැඩි පෑවිල්ල හේතුවෙන් තල්ගස් උඩද ගින්න පැවති අතරම ගින්න මැඩපැවැත්වීමට නොහැකි විය.
අනතුරුව මුලතිව් පොලීසිය, මුලතිව් දිස්ත්රික්ක ලේකම් කාර්යාලයේ නිලධාරීන් හා යුද හමුදාවේ සහය මත ජල බවුසර් යොදාගෙන ගින්න මැඩපැවැත්වීමට පියවර ගත්තද ඒ වන විටත් තල් ගස් විශාල ප්රමාණයක් ගිනිගෙන තිබුණු අතර ධීවරයින්ගේ උපකරණ ගබඩාවේ උපකරණ තොගයක්ද ගින්නෙන් විනාශ වී ඇති බවට ධීවරයින් පැවසූහ.
