පන්නල , ඉරබඩගම ඔමේගා ලයින් ඇඟලුම් කම්හලේ අද (14) උදෑසන 2 ට පමණ හදිසි ගින්නක් හටගැනිමෙන් එහි ලයින් වන් ගොඩනැගිල්ල ගින්නෙන් දැවි ගොස් ඇති බව වාර්තා වේ.
ගින්නට හේතුව තවමත් සොයාගෙන නොමැති අතර ගින්න මැඩපැවැත්වීමට මේ වනවිට මීගමුව,හලාවත හා කුරුණැගල ගිනි නිවිම් රථ පැමිණ ඇති බවද වාර්තා වේ.
කුලියාපිටිය කොට්ඨාස භාර සහකාර පොලිස් අධිකාරි ගාමිණි මීගහකුඹුර, නිමල් බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු පන්නල ස්ථානයේ නිලධාරින් විසින් සිදු වු අනතුර සම්බන්ධ විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.
