රාජ්‍ය සේවය කියන්නේ අවංකව කළ යුතු සේවයක්
රාජ්‍ය සේවය කියලා කියන්නේ අවංකවම කරන්න ඕන සේවයක් බවත් ඒක ඇමතිගේවත් ජනාධිපතිගේවත් අගමැතිගේවත් සේවයක් නොවන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළාය.
අමාත්‍යතුමිය මෙම අදහස් පළ කළේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවට බඳවා ගත් ආධුනික මෝටර් රථ රියදුරන් සඳහා පත්වීම් ලිපි ප්රදානය කිරීමේ අවස්ථාවට ඊයේ (13) එක්වෙමිනි.
එහිදී තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරිය ,
“රාජ්‍ය සේවය කියලා කියන්නේ අපි අවංකවම කරන්න ඕන සේවයක්. රාජ්‍ය සේවය ඇමතිගේවත් ජනාධිපතිගේවත් අගමැතිගේවත් සේවයක් නෙවෙයි.ඒක ඔබට ලැබෙන වරප්‍රසාදයක්. අද මෙතන පත්වීම් ලබන ඔබ සියලු දෙනාම රජයේ පාසල්වලින් ඉගෙන ගත්ත අයයි. මේ පත්වීම ලැබෙනවාත් සමඟ ඔබට රජයෙන් මාසිකව වැටුප් ගෙවනවා .ඒ විතරක් නෙවෙයි විශ්‍රාම ගියහම විශ්‍රාම වැටුපක් ලැබෙනවා.
මේ රාජ්‍ය සේවයේ තියෙන වටිනාකම ඔබ වටහා ගන්න ඕන. මේ සියලු පත්වීම් ලබාදීලා තිබෙන්නේ ඔබගේ තිබෙන දක්ෂතාවය අනුවයි. ඒ නිසා ඔබ ඒකේ තියෙන වටිනාකම වැදගත්කම අවබෝධ කර ගෙන කටයුතු කරන්න ඕන.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියලා කියන්නේ විනය ගරුක දෙපාර්තමේන්තුවක් . බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වගේම පොලිස් දෙපාර්තමේන්තුව කියන්නේත් විනයගරුක දෙපාර්තමේන්තු කියලා අවබෝධ කර ගත යුතුයි. පළමුව ඔබ කල්පනා කරන්න ඕන රජයේ සේවකයෙක් ලෙස ඔබේ වගකීම යුතුකම ඉටු කරන්න ඕන කියලා කල්පනා කළ යුතුයි. මේකේ හොරකම වංචාව දූෂණය තියෙන්න බැහැ.
මේ අමාත්‍යාංශය භාර අරගෙන අපි දැන් වසරකට අධික කාලයක් වෙනවා . මේ කාලය තුළ ඉතාම කනගාටු දායක දේවල් මේ දෙපාර්තමේන්තුව තුළ වෙලා තියෙනවා. ඒවා සිදු විය යුතු නැහැ. මේ අද ලබා දෙන පත්වීම් තුළ දේශපාලන භේද නැහැ. පවතින රජය සමඟ වැඩ කරනවා හැර රජයේ සේවකයින්ට දේශපාලනය කරන්න බැහැ. හැබැයි කැමති දේශපාලන පක්ෂයකට ඡන්දය දෙන්න පුළුවන්” යනුවෙන් අමාත්‍යතුමිය වැඩිදුරටත් පැවසීය .

popular news
-
සෙනෙවි Friday, 14 June 2019 07:10 PM
එතකොට ඔහේලට බැංකු බිඳින්නත් පුළුවන්
Reply : 0 0
Kumar Friday, 14 June 2019 08:59 PM
අමාත්‍ය තුමියගේ කතාවලට හිනනොවී ඉන්න පුලුවන්ද? පන්දන් කාරයින්ට රැකියා දුන්න විට වැඩක් ගන්න හරිම අපහසු බව නොකිය බැහැ. ලංකාවේ දැන් තිබෙන්න අමුතු පාලනයක්නෙ 5000ක් අල්ලස් ගන්න රජයේ සේවකයෝ බන්දනාගාර ගතවෙනවා. 25000ක් අල්ලස් ගත්ත දේශපාලන මිතුරන්ට ජනපති සමාව ලැබෙනවා. අබුද්දස්ස කාලේ වෙන්න ඇති.
Reply : 0 16
සරත් Saturday, 15 June 2019 06:35 AM
ඔබතුමිය ඔහොම කියනවා.නමුත් වෙනත් පක්ෂ රජය කරන කාලවල කිව්වේ වෙනස් කථා.මට මතකයි 2005 උපාධිධාරීන්ට පත්වීම් දීමට පෙර පුහුණුකල ආකාරය.පුහුණුකරුවන් ලෙසට පත්කර සිටි සමහරක් අය එකල පාලක පක්ෂයේ ඉහලම ක්රියාකාරී්න්.ඔවුන් කියාදුන්නේ එම පක්ෂයට ගැති වෘත්තීය සමිතියේ ශාඛා පිහිටුවීම් හා උද්ඝෝෂන කරන ආකාරයන් ගැන.මෙහෙම පුහුණුකිරීම්කල සමහරක් ගුරුවරුන්ට විභාගයක්වත් නොපවත්වා විදුහල්පති තනතුරුත් දුන්නා.එක්සත් ජාතික පක්ෂය හැමදාම කලේ පක්ෂ භේදයකින් තොරව පත්වීම් දීම.එනිසා තමයි 1994 සිට තවමත් හරියාකාරව එක්සත් ජාතික පක්ෂ රජයක් පිහිටුවා ගන්න බැරිවුනේ.
Reply : 0 0
Deepal Nirosh Saturday, 15 June 2019 04:05 PM
ඇත්ත තමයි, රාජ්‍ය සේවය දේශපාලනය මෙන් නො කළ යුතුයි. රාජ්‍ය සේවකයින් දේශපාලකයන් සේ ක්‍රියා නො කළ යුතුයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

