මතභේදයට තුඩුදී ඇති භාණ්ඩාකාර බැඳුම්කර නිකතුව මගින් රජයට කෝටි ගණනක පාඩුවක් කරමින් මහා පරිමාණ වංචාවක් කර ඇති බවට හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට හා පරපෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්යක්ෂ ඇතුළු 10කුට එරෙහිව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පැවැරීමට අගවිනිසුරුවරයා විසින් නීතිපතිවරයාට අවසර දුන්නේය.
මෙම අපරාධයෙන් රටේ ආර්ථිකයට සිදුවූ බලවත් පාඩුව හා එහි ඇති සංකීර්ණත්වය සැලකිල්ලට ගනිමින් මෙම නඩුව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග කිරීමට අවසර දෙන ලෙස නීතිපති දප්පුලද ලිවේරා මහතා කළ ඉල්ලීමක් සළකා බලමින් අගවිනිසුරුවරයා මෙම අවසරය දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණනන නිලධාරීනී රජයේ ජෙ ්‍යෂ්ඨ නීතිඥ නිෂාරා ජයරත්න මහත්මිය පැවැසුවාය.
