නිරිත දිග මෝසම් තත්ත්වයත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ඩෙංගු රෝගීන් වාර්තා විමේ ඉහළ යාමක් පෙන්නුම් කළ එය වසංගත තත්ත්වයක් බවට පත් විය හැකි බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
කඩින් කඩ ඇතිවන වැස්සත් සමඟ පරිසරය තුළ මදුරුවන් බෝවිය හැකි ජලය රැදුණු ස්ථාන සුලභව ඇතිවිය හැකි බැවින් ඩෙංගු මදුරුවන් බෝවීමද ඉහළ යා හැකිය.
කොළඹ, ගම්පහ,කළුතර,මහනුවර,ගාල්ල,මාතර හා රත්නපුර මේ වන විට ඩෙංගු අවදානම් වැඩි දිස්ත්‍රික්ක ලෙස හදුනාගෙන ඇත. එබැවින් මෙම දිස්ත්‍රික්ක තුළ ඩෙංගු වසංගත තත්ත්වයක් ඇති විමේ ඉහළ ප්‍රවණතාවක් පවතින බව සඳහන් කෙරේ.
මෙම තත්ත්වය අවම කිරිම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය එම දිස්ත්‍රික්ක වල සෞඛ්‍ය බලධාරීන් සමඟ ඒකාබද්ධව ඩෙංගු මර්දන විශේෂ කෙෂ්ත්‍ර වැඩසටහනක් ජූනි 12,13,හා 14 යන දිනයන්හිදි පැවැත්වීමට කටයුතු යොදා ඇත.
