රටේ දේශපාලනමය බලපෑමක් ඇති මෙහොතක ජනපති, අගමැති රටේ නෑ - කෙහෙළිය
රටක සංකීර්ණ වටපිටාවක් දේශපාලන ආර්ථික බලපෑම් වශයෙන් තියෙන අවස්ථාවක අගමැති ජනපති දෙදෙනා ම රටින් බැහැරව ගොස් ඇති බවත් බිලියන විසි එකක් රටේ ජනතාව නිශ්ශබ්දව ඉන්නේ කරන්න දෙයක් නැති නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
අද (13) කොළඹදි පැවති ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ රැස්විමට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා,
"මිනිසුන්ගේ ප්‍රශ්නයක් කියන්න කෙනෙක් නැති තත්ත්වයකයි රට තියෙන්නේ . මේ නිසා ඉවසා සිටීම ජනතාවගේ න්‍යාය වෙලා. පාස්කු සිද්ධියෙන් පස්සේ බල කේන්ද්‍ර දෙකක් මිලියන විසි එකක් ජනතාව උගසට තියලා කටයුතු කරනවා. ජනාධිපති කැබිනට් මණ්ඩලය වර්ජනය කරනවා. කැබිනට් මණ්ඩලය රැස් නොවී රටක් ඉදිරියට යන පළමු අවස්ථාව මේකයි. අගමැති ජනපති රටින් බැහැරව ගිය තමන්ගේ කටයුතු වෙනත් ඇමතිවරයෙකුට හෝ පවරා නැහැ . රටේ සියලු අභ්‍යන්තර ප්‍රශ්න පැත්තකට තියලා කතානායක වරයා තමන්ට ඕන විදිහට හිතු මනාපයේ කටයුතු කරගෙන යාමක් තමයි සිද්ධ වෙන්නේ.
පාස්කු ඉරිදා සිද්ධියෙන් පස්සේ රටකට දරාගන්න බැරි දරුණු ව්‍යසනයකට සේයාවන් ජනතාව දැක්කා. රටේ නායකයෝ එකිනෙකාට බෝලය පාස් කරගන්නවා මිස සැබෑ ප්‍රශ්නයට විසඳුමක් දෙන්නේ නැහැ. රට අරාජික වෙලා තියෙන මේ මොහොතේ ආණ්ඩුව සූදානම් වෙන්නේ විපක්ෂයේ වගකිවයුත්තන්ගේ තැනට දමන්නයි.
ව්‍යවස්ථාමය වශයෙන් විපක්ෂ නායකවරයාට තිබෙන භූමිකාව විපක්ෂය විසින් නිවැරැදිව ඉටු කරමින් තිබෙනවා. ජනතාව වෙනුවෙන් විපක්ෂයෙන් ඉටුවිය යුතු දේවල් කිසිදු අඩුවක් විපක්ෂයෙන් සිදු වෙලා නැහැ .විපක්ෂයේ වශයෙන් පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් විවාදයක් ඉල්ලුවා . රිෂාඞ් බදුර්දීන් ඇමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙනාවා. අපි විපක්ෂයේ භූමිකාව නිවැරදිව කරගෙන ගියත් කථානායකවරයාගේ හැසිරීම නිසා රටේ අර්බුදයක් ඇති වුණා.
අතුරලියේ රතන හිමියන් උපවාසයක් ඇරඹුවා .ඒ සියලු සිදුවීම්වල වගකීම කතානායකවරයා භාර ගන්න ඕනේ. ප්රශ්නය විසඳනවා වෙනුවට ආණ්ඩුව උත්සාහ කළේ රිෂාඩ් බදුර්දින් ඇමතිවරයා ආරක්ෂා කිරීමටයි .ඉතිහාසය පුරා මේ වන වන තෙක් විශ්වාසභංග හතළිස් නවයක් ඉදිරිපත් වෙලා තියෙනවා . ඒ කිසිදු අවස්ථාවක මෙවැනි තේරීම් කාරක සභාවක් පත් කරලා නැහැ. පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් උසාවියේ නඩු 5ක් ගොනු වෙලා තිබෙනවා. සිද්ධියට සම්බන්ධ කරුණු තේරීම් කාරක සභාව හමුවේ සාකච්ඡාවක ගැනීම මේ නිසා නීතියට පටහැණි බව නීතිපතිවරයා විසින් කථානායකවරයාට ලිඛිතව දන්වා තිබෙනවා . කතානායකවරයා විසින් මේ ලිපිය තවමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැහැ. අඩුම තරමේ කතානායකවරයා එකී ලිපිය පිළිගන්නේද නැද්ද යන්නවත් සඳහන් කර නැහැ . ඒ කියන්නේ මේ වෙද්දි විධායකය ව්‍යවස්ථාදායකය අධිකරණය යන කුලුණු තුනම බාල්දු වි ඇති බව" මන්ත්‍රිවරයා වැඩිදුරටත් පැවසීය.
කෂිනි හපුආරච්චි

popular news
-
Champa Thursday, 13 June 2019 07:00 PM
මේ කතාවෙන්ම පේනවා විපක්ෂය කොයිබටද කියල. දැන් රට ඉදිරිපිට තියෙන ලොකුම ප්‍රශ්නේ බම්බු විශ්වාස භංගයවත් පාර්ලිමේන්තු තේරීම් කමිටුවවත් නෙමෙයි. ඒ දෙකෙන්ම දැන් ඇති වැඩක් නැහැ. ඒ මොකොද time out නිසා. රනිල්ගේ අන්තිම ගිවිසුම් 2. ඇමරිකාවට රට පාවා දෙන ACSA සහ SOFA ගිවිසුම්. විපක්ෂය හැමද්ම කළා වගේ අදටත් කරන්නේ වටේ යන එක. මොකක් හරි එකක එල්ලිලා ඉන්නවා. හැබැයි ප්‍රමුඛත්වය දෙන්නේ ඕනේ දේ පැත්තක. විපක්ෂයට කියල වැඩක් නැහැ. අද පාර්ලිමේන්තුව වැඩ කරන්නේ පෞද්ගලික න්‍යාය පත්‍ර වලට අනුව. සිංහල ජාතියට නායකත්වයක් තිබ්බ නම් අද මුළු රටම ඇමරිකන් ආක්‍රමණයට විරුද්ධව පාරේ ඉන්න ඕනේ. රටට මඟ කියන්න නායකත්වයක් නැති කමෙන් සිංහලයන් මොනතරම් අසරණ වෙලාද කිව්වොත් අගරදගුරුතුමාගේ සහ යුධ හමුදාපතිතුමාගේ නායකත්වයට වශී වෙච්ච සමහර සිංහලයෝ ඒ දෙන්නට ජනාධිපතිවරණෙට පවා ඉදිරිපත් වෙන්න කිව්වා. ජනතාවට කරන්න පුළුවන් එකම දේ ඇමරිකන් රාජ්‍ය ලේකම් එන දවසට ලංකාව ඇමරිකන් කඳවුරක් කරන එකට විරෝධය පාල කළු කොඩි ඔසවන එක. ඊට පස්සේ කරලියේ තියෙන දේශපාලන පක්ෂ එකකටවත් අයිති නැති මිනිහෙක්ව ජනාධිපති කරලා සිංහලයනට අලුත් නායකත්වයක් ලබා දෙන එක.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

