සත්‍ය ගවේෂකයෝ විරෝධයක
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට විරුද්ධව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට බාර දී තිබෙන පැමිණිලි කඩිනමින් විමර්ශනය කරන ලෙස ඉල්ලා සත්‍ය ගවේෂකයෝ සංවිධානය විසින් කොළඹ කොටුවේ පිහිටි එම විමර්ශන කොට්ඨාසය ඉදිරිපිටදී අද(13දා) දහවල් නිහඬ උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.
සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ කැඳවුම්කරු නීතීඥ ප්‍රේමනාත් සී.දොලවත්ත මහතා සඳහන් කළේ වත්මන් රජය බලයට පත්වූ පසුව රාජිත සේනාරත්න මහතාට විරුද්ධව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිලි ගණනාවක් සිදුකළද, නැවත ප්‍රකාශයක් ලබාදීමට පැමිණෙන ලෙස මේ දක්වා තමාට කැඳවීමක් නොකළ බවයි.
මේ අතර නෙවිල් ප්‍රනාන්දු රෝහල ලබාගෙන තිබෙන ණය සඳහා සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා විසින් රජයේ මුදලින් රුපියල් මිලියන 250 බැගින් ණය වාරික 08ක් ගෙවා තිබෙන බවත්,මේ සම්බන්ධව තමා ඉදිරිපත් කළ පැමිණිල්ලකට අදාළව අද දින පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ප්‍රකාශයක් ලබාදුන් බවත්,හෙතෙම පැවසීය.
ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු



popular news
-
Don Friday, 14 June 2019 08:06 AM
මේගොල්ලෝ සත්යගවේෂකයෝ නොවේ, මහින්දට කඩේ යන, රෙදි අපුල්ලන අය !!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

