වායුගෝලයේ කැළඹිලි තත්ත්වය අඩු පීඩන කලාපයක් වෙයි
ශ්රී ලංකාව ආසන්නයේ පවතින පහළ වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.
එම පද්ධතියේ බලපෑම හේතුවෙන් අද දිනයේදීද දිවයින පුරා මෙන්ම දිවයින අවට ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්රදේශවල වැසි තත්ත්වය වැඩි වනු ඇතැයි අපේක්ෂා කරන බවද එම දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
මේ සම්බන්ධයෙන් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව, මධ්යම, උතුර, වයඹ හා දකුණු පළාත්වලත්, අනුරාධපුර දිස්ත්රික්කයේත් විටින් විට වැසි
හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් එම ප්ර දේශවල අහස වළාකුළුන් වලාකුලින් බරව පවතිනු ඇතැයි කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්රදේශවල පස්වරු පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් බස්නාහිර,සබරගමුව, දකුණු හා වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
