නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු විදුලි බලාගාරයේ ජනක යන්ත්ර තුනම හෙට (23) වන විට යළි යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇතැයි එම බලාගාරයේ අධ්යක්ෂ ඉංජිනේරු එම්.ඩී. නාලක කුමාර මහතා පැවසීය.
බලාගාරයේ වත්මන් තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා බලශක්ති අමාත්ය අනුර කරුණාතිලක මහතා ඊයේ (21) එහි නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළේය.
පසුගිය ඔක්තෝබර් 17 වැනිදා පෙරවරුවේ විදුලිබල පද්ධතියේ ඇති වූ අසමතුලිතතාවක් හේතුවෙන් ලක්විජය ගල්අඟුරු බලාගාරය ආරක්ෂිත ක්රමවේදයන්ට අනුව ප්රධාන විදුලිබල පද්ධතියෙන් ඉවත් විය.
ඒ අනුව, බලාගාරයේ ක්රියාකාරීත්වය යළි සක්රීය කිරීම සඳහා අවශ්ය කටයුතු කඩිනමින් සිදු කරමින් පවතින බව ද ඉංජිනේරු එම්.ඩී. නාලක කුමාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.