රිය අනතුරු 8කින් 8ක් මරුට
- 22 10 2026
- 10:26
- {{hitsCtrl.values.hits}} views
- ..
දුම්රියක ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට - හලාවත පොලිස් වසම.
2026.10.21 දින සවස හලාවත පොලිස් වසමේ මානුවන්ගම ප්රදේශයේදී පුත්තලම සිට කොළඹ කොටුව දෙසට ධාවනය වූ දුම්රියක ගැටී පුද්ගලයෙකු මියගොස් ඇති බවට හලාවත පොලිස් ස්ථානයට ලද තොරතුක් මත විමර්ශන ආරම්භ කර ඇත. මරණකරු අවුරුදු 50 ක් වූ හලාවත ප්රදේශයේ පදිංචිකරුවෙකි. හලාවත පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
ලොරි රථයක් යතුරුපැදියක ගැටී යතුරුපැදිකරු ජීවිතක්ෂයට - තඹුත්තේගම පොලිස් වසම.
2026.10.21 දින උදෑසන තඹුත්තේගම පොලිස් වසමේ අනුරාධපුර පාදෙණිය මාර්ගයේ කෝන්වැව ප්රදේශයේදී අනුරාධපුර දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගයේ දකුණට හැරවීමට යාමේදී එම දිශාවටම ධාවනය වූ ලොරි රථයක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත. මරණකරු අවුරුදු 77 ක් වූ තඹුත්තේගම ප්රදේශයේ පදිංචිකරුවෙකි. අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර තඹුත්තේගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
බස් රථයක ගැටී පදිකයෙකු ජීවිතක්ෂයට - දෙනියාය පොලිස් වසම.
2026.10.21 දින සවස දෙනියාය පොලිස් වසමේ දෙනියාය බෙවර්ලිය මාර්ගයේ කන්දිල්පාන පාලම අසලදී දෙනියාය සිට බෙවර්ලිය දෙසට ධාවනය වූ බස් රථයක් බස්නැවතුමෙහි මගීන් බැස්සවීමට නතර කර නැවත ධාවනය කිරීමේදී එම බස් රථයෙන් බැසගිය මගියෙකු බස් රථයේ ඉදිරිපස ගැටී බස් රථයට යටවී එම ස්ථානයේදීම මියගොස් ඇත. මරණකරු වයස අවුරුදු 56 ක් වූ දෙනියාය ප්රදේශයේ පදිංචිකරුවෙකි.බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, දෙනියාය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
ත්රී රෝද රථයක් බස් රථයක ගැටී ත්රී රෝද රථ රියැදුරු ජීවිතක්ෂයට - පේරාදෙණිය පොලිස් වසම.
2026.10.21 දින දහවල් පේරාදෙණිය පොලිස් වසමේ කොළඹ මහනුවර ප්රධාන මාර්ගයේ පිළිමතලාව ප්රදේශයේදී කොළඹ දෙසට ධාවනය වූ ත්රී රෝද රථයක් ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි බස් රථයක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් ත්රීරෝද රථ රියැදුරු, පසුපස අසුනේ ගමන් කල පුද්ගලයෙකු, කාන්තාවක් හා දරුවෙකු තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ත්රීරෝද රථ රියැදුරු මියගොස් ඇත. මරණකරු අවුරුදු 46 ක් වූ අමුණුගම ප්රදේශයේ පදිංචිකරුවෙකි. බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පේරාදෙණිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
යතුරුපැදි අනතුරකින් පැදිකරු ජීවිතක්ෂයට - මීගලෑව පොලිස් වසම.
2026.10.21 දින සවස මීගලෑව පොලිස් වසමේ මීගලෑව කත්නෝරුව මාර්ගයේ කරුවලගස්වැව ප්රදේශයේදී කත්නෝරුව දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් යතුරුපැදිකරු හා පසුපැදිකරු තුවාල ලබා මීගලෑව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු පැදිකරු මියගොස් ඇත. මරණකරු අවුරුදු 36 ක් වූ මීගලෑව ප්රදේශයේ පදිංචිකරුවෙකි. මීගලෑව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
දක්ෂිණ අධිවේගි මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට - පින්නදූව අනුපාලක ස්ථානය.
2026.10.21 දින සවස දක්ෂිණ අධිවේගී මාර්ගයේ 93.6L ප්රදේශයේදී මත්තල දෙසට ධාවනය වූ වෑන් රථයක රියැදුරුට නින්දයාම හේතුවෙන් ඉදිරියෙන් එම දිශාවටම ධාවනය වූ ලොරි රථයක පසුපස ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් වෑන් රථයේ රියැදුරු සහ වම් පස ඉදිරි අසුනේ ගමන් රියැදුරුගේ මව බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු කාන්තාව මියගොස් ඇත. මරණකාරිය අවුරුදු 65 ක් වූ කතරගම ප්රදේශයේ පදිංචිකාරියකි. පින්නදූව අනුපාලක ස්ථානය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
ලොරි රථයක ගැටී පදිකයෙකු ජීවිතක්ෂයට - මීගමුව පොලිස් වසම.
2026.10.22 දින අළුයම මීගමුව පොලිස් වසමේ කොළඹ හලාවත ප්රධාන මාර්ගයේ ගල්කන්ද හන්දිය අසලදී පුත්තලම දෙසට ධාවනය වූ ලොරි රථයක මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකු ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ පදිකයා මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. මරණකරුගේ අනනන්යතාව මෙතෙක් තහවුරු වී නොමැත. ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, මීගමුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
මාරක රිය අනතුරකින් පුද්ලයෙකු ජීවිතක්ෂයට - කොස්ගම පොලිස් වසම.
2026.10.21 දින රාත්රී කොස්ගම පොලිස් වසමේ කොළඹ අවිස්සාවේල්ල මාර්ගයේ සාලාව ප්රදේශයේදී කොළඹ දෙසට ධාවනය වූ කැබ් රථයක් රියැදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන දුරකථන කණුවක, වෙළඳසැලක හා නවතා තිබූ ත්රී රෝද රථයක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් ත්රී රෝද රථ රියැදුරු හා කැබ් රථයේ ගමන් කළ පුද්ගලයෙකු තුවාල ලබා සාලාව රෝහලට ඇතුලත් කරන විටත් ත්රී රෝද රථ රියැදුරු මියගොස් සිට ඇත. මරණකරු අවුරුදු 41 ක් වූ රාගම ප්රදේශයේ පදිංචිකරුවෙකි. කොස්ගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

