saravita-anim2

2026 මාර්තු මස 04 වන බදාදා

2026 මාර්තු මස 04 වන බදාදා

Latest News - timelapse 212 hours ago

LATEST

රු. 30000ක අල්ලසක් ගත් බීට්ටු වන නිලධාරියා අත්අඩංගුවට

calendar_today 2026 ජන 14 - 12:39 remove_red_eye - 89  

අම්පාර පොතුවිල් පොලිස් වසමේ හුලංනුගේ ප්‍රදේශයේදි ලාහුගල වන සංරක්ෂණ කාර්යාලයට අනුයක්ත කෝමාරි බිට්ටු වන කාර්යාලයේ සේවය කරන බිට්ටු වන නිළධාරියකු රුපියල් 30000 ක අල්ලසක් ලබා ගන්නා අවස්ථාවේ දි අල්ලස් හා දුෂණ විමර්ශණ නිළධාරින් විසින් ඔහු අත් අඩංගුවට ගෙන ඇත.

දිවයිනේ ස්ථාන කිහිපයක සිදුවූ රිය අනතුරු හා දුම්රියේ ගැටීම් හේතුවෙන් පුද්ගලයන් 6ක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

හිටපු ඇමති විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහාධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.

Read More

මෙරට පළමු කේබල් කාර් ව්‍යාපාරය වන අම්බුලුවාව කේබල් කාර් ව්‍යාපෘතියෙන් චීනය පදනම් කරගත් ඇම්බර් ඇඩ්වෙන්චර්ස් (පුද්ගලික) සමාගම ඉවත්ව තිබේ.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම පෙබරවාරි 11 වනදින දක්වා කල්තැබීමට ගම්පහ ස්ථීර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කර තිබේ.

Read More

තායිලන්තයේ නකොන් රට්චසිමා පළාතේ දැවැන්ත ඉදිකිරීම් දොඹකරයක් ගමන් කරමින් තිබූ දුම්රියක් මතට කඩා වැටී ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.

Read More

වරකාපොල පොලිස් වසමේ හුනුවල ප්‍රදේශයේ කුඹුරු ඉඩමකදී ඊයේ (13දා) විදුලිසැර වැදී සිටි අඹුසැමි යුවලක් වරකාපොල රෝහලට ඇතුලත් කරන විටත් මියගොස් ඇති බවට වරකාපොල පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.

Read More

හෙට (15දා) සිට දිවයිනේ වැසි තත්ත්වහේ අඩු වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුළ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ පාසල් දරුවන්ට නිල ඇඳුම් රෙදි පරිත්‍යාග කිරීම තුළින් චීනය සහ ශ්‍රී ලංකාව අතර ඇති විශ්වාසය තවත් තහවුරු කරයි.

Read More

මෙරට ප්‍රමුඛතම ව්‍යවසායකයෙක් වන අරලිය සමූහ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා ලෝකයේ මිල අධිකම මෝටර් රථ මාදිලියක් වන රෝල්ස් රොයිස් හි නවීනතම මෝටර් රථයක් මිලදී ගෙන ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබේ.රෝල්ස් රොයිස් සමාගමේ එකේ 100 වෙනි සංවත්සරය වෙනුවෙන් එම සමාගම නිර්මාණය කරන Phantom Centenary Edition මාදිලියට අයත් මෙම මෝටර් රථ නිපදවා ඇත්තේ ඒකක 25ක් පමණි.එම ඒකක 25න් එකක් මෙසේ ඩඩ්ලි සිරිසේන මහතා මිලදී ගෙන තිබේ.

Read More

රාජ්‍ය සේවකයන් වෙනුවෙන් ලබාදෙන උත්සව අත්තිකාරම් මුදල වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. රජයේ නිලධරයන්ට තෛපොංගල්, රාමසාන්, සිංහල භා හින්දු අලුත් අවුරුද්ද, වෙසක්, දීපාවලි සහ නත්තල් වැනි උත්සව අවස්ථා සඳහා සහ වන්දනා ගමන් සඳහා (ශ්‍රී පාද වන්දනාව සහ හජ් වන්දනාව වැනි) අත්තිකාරම් වශයෙන් රුපියල් 10,000/-ක් ලබා ගැනීමට හැකියාව පවතී. එම අත්තිකාරම් මුදල පොලී රහිතව මාසික කොටස් 08 කින් හෝ අවශ්‍ය වුවහොත් ඊට කලින් හෝ අය කර ගැනීම සඳහා විධිවිධාන සලසා ඇත.

Read More

පාසල් ලිපි ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා පාසල් ළමුන්ට දීමනාවක් ලබාදීමේ වැඩසටහන 2026 වසරේදී ද ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

Read More

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සිදුකරන සියලුම සුබ සාධන සහ සවිබලගැන්වීමේ වැඩසටහන් ඇතුළුව සියලු සුබ සාධන ව්‍යාපෘති පිළිබඳව ස්වාධීන ඇගයීමක් කරන්න - රජයේ මුදල් පිළිබඳ කාරක සභාවෙන් නිර්දේශ

Read More

අකුරණ ප්‍රාදේශීය සභාවේ අද (13) වනදා පැවැති මාසික මහ සභා රැස්වීමේදී එහි උප සභාපති ශ්‍රී ලංකා පොදු ජන පරෙමුණ නියෝජනය කරන චමින්ද තිලකරත්න මහතා කතා කරන අවස්ථාවේ ඔහු විසින් ප්‍රකාශ කරනු ලැබූ ප්‍රකාශයකට ජාතික ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දැඩි විරෝධය දැක්වීම නිසා සභාව එකම ගාලගෝට්ටියක් බවට පත් විය.

Read More

හය ශ්‍රේණියේ විෂය මාලා සංශෝධනය ලබන වසර තෙක් කල් තැබීම හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අරම්භ කර ඇති සත්‍යග්‍රහනය නැවැත්වීමට කරුණක් නොවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

Read More

සිසු ඝනත්වය අඩුවී වැසීයාමේ දැඩි තර්ජනයකට ලක්ව තිබු තමන් අධයාපනය ලැබු පාසල වන ඇල්පිටිය අධයාපන කලාපයට අයත් හිපන්කන්ද විදයාලය එයින් මුදවා ගැනීමට රුපියල් මිලියනයක් වැය කිරීමට ඌරගස්මංහන්දිය හිපන්කන්ද පදේශයේ පදිංචි සමන් පියන්ත විජේවිකම මහතා පියවර ගත්තේය.

Read More

රාජ්‍ය සේවයට නව සේවකයන් 26095ක් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. එහිදී ගුරු සේවයට පමණක් 23344ක් බඳවා ගැනීමට නියමිතය.

Read More

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ආරම්භ කළ සත්‍යග්‍රහය අවසන් කර තිබේ. ඒ් හයවැනි ශ්‍රේණියට අදාළ විෂය මාලා ප්‍රතිසංස්කරණය ලබන වසර තෙක් කල් තැබීමට කැබිනට් මණ්ඩලය තීරණය කිරීමත් සමගිනි.

Read More

එක්ස්ප්‍රස් පර්ල් (X – Press Pearl) නෞකාවෙන් සිදුවූ හානිය සම්බන්ධයෙන් ලැබුණු වන්දි මුදල් බෙදාදීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

Read More

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් විදෙස් ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුභසාධනය වෙනුවෙන් 2025 වසර තුළදී රුපියල් බිලියනයකට අධික ප්‍රතිලාභ ලබාදී තිබේ.

Read More

කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් විසින් පත්කරනු ලැබූ මිල කමිටුව විසින් නිර්දේශ කර තිබේ. ඒ් අනුව නියමිත ප්‍රමිතියෙන් යුත් නාඩු කිලෝවක් මිලදී ගැනීමේ අවම මිල රු 120 ලෙස තවදුරටත් පවත්වාගොන යාමටත් සම්බා හා කීරි සම්බා වී කිලෝවක් මිලදී ගැනීමේ අවම මිල පිළිවෙළින් රුපියල් 130ක් හා රුපියල් 140 දක්වා ඉහළ නැංවීමටත් තීරණය කර තීබේ.’’

Read More

අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් ඊයේ පැවැති කැබිනට් රැස්වීමේදී විශේෂ වශයෙන් අවධානයට ලක්වූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ආණ්ඩුව ලබා ගැනීමට පෙර පටන් ජාතික ජන බලවේගය සැලසුම් සකස් කර තිබුණ බව අමාත්‍යවරයා පැවැසීය.

Read More

ජනවරම කිසිම අයුරකින් පාවා නොදෙන බවත් ව්‍යවසනයට සියලු දේ හේත්තු කර ඇඟ බේරා නොගන්නා බවත් ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. රි බිල්ඩින් ශ්‍රී ලංකා වැඩසටහන ආරම්භ කරමින් ජනපතිවරයා මේ බව පැවැසීය.

Read More

2025 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2026 වර්ෂයේ 6 ශ්‍රේණියට ඇතුළත් වීමේ පළමු වටයේ අභියාචනා ඉදිරිපත් කිරීම 2026.01.12 දින සිට 2026.01.25 දින දක්වා මාර්ගගත ක්‍රමවේදය (Online) ඔස්සේ සිදු කළ හැකි ය.

Read More

මධ්‍යම වනජීවී කලාපයේ හෝර්ටන්තැන්න ජාතික උද්‍යාන නිලධාරීන්, හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයේ ලෝකාන්ත ස්භාවික මංපෙතට පිවිසෙන ස්ථානයේදී (11) දින දෛනික සිදුකරන සංචාරකයින්ගේ ගමන් මලු පරික්ෂා කිරීමේදී ඇමරිකන් ජාතිකයෙකුගේ ගමන් බැගය පරික්ෂා කිරීමේදී එය තුල තිබී රසායන ද්‍රව්‍ය තුල බහා තිබු කෘමි සතුන්ගේ සාම්පල, රසායන ද්‍රව්‍ය හා කුඩා සතුන් අල්ලන උපකරණ කිහිපයක් නිරික්ෂණය කර ඇත.

Read More

ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වූ ඉක්බාල් අතාස් මහතා අභාවප්‍රාප්ත වී ඇත. දෙස් විදෙස් මාධඅයතන කිහිපයක් සඳහාම සේවා සැපයූ ඒ මහතා මිය යන විට ඔහු 81 වැනි වියේ පසුවිණි.

Read More

2025 වසර තුළ මෙට්‍රික් ටොන් මිලියන 8.24ක බඩු තොග ප්‍රමාණයක් වරාය විසින් හැසිරවූ අතර, 2024 වසරේ හැසිරවූ මෙට්‍රික් ටොන් මිලියන 3.0ට සාපේක්ෂව බැලූ විට ප්‍රමාණවත් ඉහළ යාමකි.

Read More

දිවයිනේ ස්ථාන පහක ඊයේ සිදුවූ මාරක රිය අනතුරු පහකින් පුද්ගලයන් 5ක් මරුට

Read More

ඉරානය සමඟ වාණිජ සබඳතා ඇති රටවල භාණ්ඩ සඳහා 25% ක තීරු බද්දක් පැනවූ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳුදා ප්‍රකාශ කළේය. මේ වන විට ඉරාන රජයට ඒරෙහිව එරට ජනතාව නැගී සිටින අතර ඒය පාලනය කිරීම ​සඳහා ඉරාන රජය දැඩි මිල්ටරි ක්‍රියාමාරග ගනිමින් සිටියි.

Read More

තේ, කුළුබඩු, පලතුරු, එළවළු, පොල් ආශ්‍රිත නිෂ්පාදන, ශීත කළ මුහුදු ආහාර ඇතුළු සැකසූ ආහාර, ඉදිකිරීම් ද්‍රව්‍ය සහ අනෙකුත් පාරිභෝගික භාණ්ඩ වැනි ශ්‍රී ලාංකික නිෂ්පාදන සඳහා සෞදි අරාබිය ප්‍රධාන අපනයන වෙළඳපොළක් ලෙස පවතින අතර, වෙළඳ පරිමාවන් අඛණ්ඩව ඉහළ ගොස් තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.