ස්වාමි කෛලාසානන්ද ආවේ පෙබරවාරි මාසයේදීයි
ඉන්දීය ආගමික නායක මහමණ්ඩලේශ්වර් ස්වාමි කෛලාසානන්ද ගිරි ජී පූජකතුමාගේ ශ්රී ලංකා සංචාරය සම්බන්ධයෙන් සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වන පුවත 2026 පෙබරවාරි 23 වැනිදා සිදු වූ සංචාරයකට අදාළ පැරණි පුවතක් බව විදේශ අමාත්යංශය සඳහන් කරයි.
ශ්රී ලංකා සංචාරක ප්රවර්ධන කාර්යාංශයේ ආරාධනයකට අනුව පසුගිය පෙබරවාරි 23 දින මෙරටට පැමිණි පූජකතුමා ඇතුලු දූත පිරිසක් ශ්රී ලංකාවේ වැදගත් ශිව දේවාල කිහිපයක් ඇතුලු ආගමික හා ඓතිහාසික ස්ථාන නැරඹීමට එක්වූ බව විදේශ අමාත්යාංශය පවසයි.
"මෙම සංචාරයේ ප්රධාන අරමුණක් වූයේ රාමායණ මංපෙත ඇතුලු ශ්රී ලංකාවේ ආගමික හා සංස්කෘතික සංචාරක ආකර්ෂණීය ස්ථාන ඉන්දියානු බැතිමතුන් සහ සංචාරකයින් අතර ප්රවර්ධනය කිරීමයි. ශ්රී ලංකාවට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණෙන රට වන ඉන්දියාව තුළ ශ්රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස ප්රචලිත කිරීම සඳහා මෙවැනි සංචාර වැදගත් වේ.
එමෙන්ම, ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්රවර්ධනය කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට සහාය ලබාදීමත්, දෙරට අතර පවතින ආගමික හා සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමත් මෙම සංචාරයේ අරමුණු අතර විය.
එබැවින්, මෙම පුවත වර්තමානයේ සිදුවන සිදුවීමක් ලෙස අර්ථකථනය කිරීම සාවද්ය බව අවධාරණය කරන අතර, පුවතේ දිනය සහ අදාළ පසුබිම සැළකිල්ලට ගන්නා ලෙස මහජනතාවගෙන් එම අමාත්යංශය ඉල්ලීමක් කෙරේ." යනුවෙන් විදේශ අමාත්යාංශය නිකුත් කළ නිවේදනයෙක් වැඩිදුරටත් දැක්වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

