saravita-anim2

2026 අප්‍රේල් මස 18 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 18 වන සෙනසුරාදා

Latest News - timelapse 247 hours ago

LATEST

පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත ගැසට් කරයි

calendar_today 2026 පෙබ 20 - 16:26 remove_red_eye - 113  

පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ. අදාළ ගැසට් නිවේදනය අනුව, 1977 අංක 01 දරණ පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත, 1982 අංක 01 දරණ පනතේ 09 වන වගන්තිය හෝ 1990 අංක 47 දරණ පනතේ 09 වන වගන්තිය අනුව විශ්‍රාම වැටුපක් ලැබීමට හිමිකම ඇති හෝ දැනට විශ්‍රාම වැටුපක් ලබන පුද්ගලයින්ට,

ලසිත් මාලිංග හට පිරිනමා ඇති වේග පන්දු උපදේශක පුහුණුකරු ධුරයේ කාලසීමාව තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පියවර ගෙන තිබෙනවා.

Read More

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හා ජනපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (20) දහවල් නවදිල්ලි නුවරදී පවත්වා තිබේ.

Read More

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සතුව දැනට සීමිත ගබඩා පහසුකම් පැවතිම හේතුවෙන් එක්වරම ගෑස් විශාල ප්‍රමාණයක් මිලදි ගැනිමට හැකියාවක් නොමැති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.

Read More

සැමියා විසින් සිය බිරිඳගේ ගෙල කපා ඝාතනය කොට ඇති බැව් නෙළුව පොලිසිය පවසයි.අද අලුයම (20) මෙම ඝාතනය වී ඇත.මෙසේ ඝාතනය කොට ඇත්තේ තියබරාහේන හප්පිටිය නෙළුව ලිපිනයේ පදිංචි කාන්තාවකි.

Read More

සිය ආදායමින් උපයා ගතනොහැකි රුපියල් මිලියන 46 කට අධික අයතා වත්කම් රැස්කළේ යැයි රක්ෂිතය බන්ධනාගාර ගතව සිටි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් අනූෂ පැල්පිට ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අමහතා නියෝග කළේය . සැකකරු ට රුපියල් ලක්ෂ 50 ක වූ ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරයා විදේශ ගමන් තහනම් කළේය.

Read More

‘ලාස්ට් ෂිප්’ ටෙලි කතා මාලාව තුල අතිශය ජනප්‍රියත්වයට පත් ඇමෙරිකන් ටෙලි නළු එරික් ඩේන් දිවි ගමන අවසන් කළේය.

Read More

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික් දෙකක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ⁣හයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද 20 පෙරවරුවේ නිකුත් කර තිබේ.

Read More

නිතිවිරෝධී මත්පැන් ජාවාරම හරහා පවුලක් විසින් උපයාගත් දේපළ ක්‍රියා විරහිිත කළ බව පොලීසිය කියයි. රුපියල් කෝටි ගණනක දේපළ මෙසේ ක්‍රියාවිරහිත කර තිබේ.

Read More
2026-02-20
20 02 2026 10:48:00
0 59

Read More

මධ්‍යම අධිවේගයේ පළමු කොටස වන කඩවත සිට මිරිගම දක්වා වන කොටසේ ඉදිකිරීම් මේ වන විට සියයට 42ක් අවසන් බව මහාමාර්ග අමාත්‍යාංශ්‍ය කියයි. එම කොටසේ වැඩ 2028දී අවසන් කර ජනතාව වෙනුවෙන් විවෘත කිරීමට නියමිතය.

Read More

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල අද (20) විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ නැගෙනහිර පළාතේත්, මාතලේ, බදුල්ල, මුලතිව් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක් පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවයි.

Read More

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 7 පිහිටි කාර්මික තාක්ෂණ ආයතනයේ(Industrial Technology Institute ) නිරීක්ෂණ චාරිකාවක නිරත විය.එහිදී කාර්මික තාක්ෂණ ආයතනයේ (ITI) වත්මන් තත්ත්වය, එහි ඇති පහසුකම් සහ පවතින ගැටලු පිළිබඳව නිරීක්ෂණය කිරීම සිදුවිය.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් හා මංකොල්ලකෑමෙන් දේපළ උපයාගෙන ඇතැයි සැකකෙරෙන සැකකරුවෙකුගේ රු. කෝටි 3කට අධික වටිනාකමකින් යුත් නිවසක් සහිත ඉඩමක් මුදල් විශුද්ධීකරණ පනත ප්‍රකාරව දින 7ක කාලයක් සඳහා ක්‍රියාවිරහිත කර ඇතැයි පොලීසිය කියයි.

Read More

වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයකට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට - කළුතර දිසා අපරාධ කොට්ඨාසය.

Read More

ඉන්දියාවේ පැවැත්වෙන කෘතීම බුද්ධිය පිළිබඳ සමුළුවකට ඒක්ව සිටින ජනපති අනුර කුමාර දිසානායක මහතා අද දින ලෝක නායකයන් කිහිප දෙනෙක් සමග ද්විපාර්ශ්විය සාකච්ඡා පවත්වා තිබේ.

Read More

නඩු කටයුතුවල අනවශ්‍ය ප්‍රමාදයන් අවම කිරීම වෙනුවෙන් නව අධිකරණයන් 7ක් පිහිටුවීමට කටයුතු කර ඇති බවත් මේ වනවිට අධිකරණ කටයුතු වෙනුවෙන් කාර්යමණ්ඩය බදවා ගැනීම් සිදු කරන බවත් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

Read More

පවතින ගෑස් හිඟයට වහාම විසඳුම් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසීය.මේ වනවිටත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගෑස් හිඟයක් ඇතිවී ඇති බව වාර්තා වන බවත් නාමල් රාජපක්ෂ පැවසීය.

Read More

UPDATE මෙවර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ තවත් පෙරළිකාර ජයක් වාර්තා කළ සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රි ලංකාව පරාජය කරමින් අපරාජිතය සුපිරි 8 දෙනාගේ වටයට පිවිසීමට සමත්විය.

Read More

රාජ්‍ය සේවයේ අති බහුතරයක් අදූෂිත, සොරකම් සිදු නොකරන හා එවන් කටයුතු සඳහා දායක නොවන බවත්, ඉතා සුළු පිරිසක් දුෂණ හා ඊට අදාළ චෝදනාවලට ලක්ව ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.

Read More

මෙරටට පැමිණෙන විදේශිකයෙකුට වාහනයක් ලබාදීමේදී එම විදේශිකයාට අනිවාර්යයෙන්ම රියදුරු බලපත්‍රයක් තිබිය යුතු බවත් එසේ නොවන පුද්ගලයෙකුට වාහනයක් ලබාදීම වරදක් බවත් ඒයට ඒරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

දිට්වා සුළි කුණාටුවට හසු වී පීඩාවට පත් මධ්‍යම පළාතේ පවුල් 26,900 ක පුද්ගලයින් 91,479 ක් තවමත් අවතැන් වී විවිධ ස්ථානවල රැඳී සිටින බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

Read More

2025 ඌව පළාත් සභාවේ ආදායම අපේක්ෂිත ඉලක්ක ඉක්මවා ඇතැයි ඌව පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මූල්‍ය) බී.එල් කුලරත්න මහතා පැවසීය.

Read More

දකුණු කොරියානු හිටපු ජනපති යුක් සුන් යොයෙල් යුද නීතිය ප්‍රකාශයට පත්කිරිමෙන් අනතුරුව කැරැල්ලකට නායකත්වයදීම සම්බන්ධයෙන් වරදකරු කරමින් එරට අධිකරණය විසින් හිටපු ජනපතිවරයාට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කළේය. මීට අමතරව බලය අවභාවිත කිරිමේ චෝදනා සම්බන්ධයෙන්ද ඔහු වරදකරු කළේය.

Read More

ඇසක් සම්පූර්ණයෙන්ම නොපෙනෙන බවට පලවූ වාර්තා නිසා එය ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දැඩි කනස්සල්ලට හේතු වී තිබෙන බව සඳහන්.

Read More

අනපේක්ෂිත ලෙස ඉල්ලුම ඉහළ යාම සහ පසුගිය සෙනසුරාදා (14) දින සිට දින දෙකක් සැපයුම් අඩාල වීම හේතුවෙන් ඇති වූ තාවකාලික හිඟයෙන් පසුව, ඉදිරියේදී අඛණ්ඩව ගෑස් සැපයීමට ලිට්රෝ ගෑස් සමාගම සහතික වී තිබෙනවා.

Read More

පක්ෂ විසි ගණනකින් සමන්විත’’මහජන හඬ ’’නියෝජනය කරමින් එහි පක්ෂ නායකයින් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් අතර විශේෂ හමුවක් බත්තරමුල්ල නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව ගොනු කර තිබෙන ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් වූ නඩුව ලබන අප්‍රේල් මස 02 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

Read More

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම සිඝ්‍රයෙන් පහල බසමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවන් පැවසිය.‍

Read More

2025 වසර තුළ මෙරට කොටියන් 25කු මිනිස් ක්‍රියාකාරකම් ඇතුළු විවිධ හේතුන් මත මරණයට පත්ව ඇතැයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 2024 වර්ෂයට සාපේක්ෂව එම අගය විශාල ඉහළ යාමක් පෙන්නුම් කරන බවත්, 2024 වර්ෂයේදී මෙරට වාර්තා වූයේ කොටි මරණ 14ක් බව පරිසරවේදීහු කියති.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.