තණමල්විල පොලිස් වසමේ ගඟේයාය ප්රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ අපරාධයක් සම්බන්ධයෙන් තණමල්විල පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර තිබුණි. ඒ අනුව තණමල්විල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 2026.10.22 දින සවස තණමල්විල පොලිස් වසමේ ගඟේයාය ප්රදේශයේදී මෙම ඝාතනය සිදුකළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් අවුරුදු 45 හා 57 වයස්වල පසුවන තණමල්විල ප්රදේශයේ පදිංචිකරුවන් වේ.තණමල්විල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.