කලාපයේ පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ශ්රීලන්කන් ගුවන් සේවය කොළඹ සහ සෞදි අරාබියේ දමාම් හා රියාද් නගර අතර ක්රියාත්මක සියලුම ගුවන් ගමන් අත්හිටුවීම නොවැම්බර් 1 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ.
ගුවන් සේවය නිවේදනය කර ඇත්තේ නොවැම්බර් 1 වැනිදා ද ඇතුළුව එදින දක්වා අදාළ ගුවන් ගමන් අත්හිටුවීම ක්රියාත්මක වන බවයි.
කලාපයේ පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති අතර, අදාළ ගුවන් ගමන් සම්බන්ධ වැඩිදුර තොරතුරු සඳහා ශ්රීලන්කන් ගුවන් සේවයේ නිල නිවේදන වෙත අවධානය යොමු කරන ලෙස මගීන්ට උපදෙස් දෙනු ලැබේ.