කොත්මලේ රිය අනතුරකින් දෙදෙනෙක් මරුට
කොත්මලේ කොටහේනපිටිය සිට කඩදොර දක්වා ධාවනය වු බොලරෝ වර්ගයේ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 500ක් පමණ ප්රපාතයට පෙරලීමෙන් එම කැබ් රථයෙ ගමන් ගත් රියදුරා සහ කාන්තාවක් මියගොස් ඇති බව පුස්සැල්ලාව පොලිසිය පැවසීය.
(22) දින පස්වරු 6:00ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ කොත්මලේ කඩදොර ප්රදේශයේදිය. අනතුරින් මිය ගොස් ඇත්තේ කොටගේපිටිය උතුර පදිංචි තුසිත හේරත් නැමති 53 හැවිරිදි රියදුරා සහ නයාපාන සමෘද්ධි නියාමකවරියක වූ චාන්දනී නවරත්න යන 50 හැවිරිදි කාන්තාවකි.
සමෘද්ධි නියාමකවරිය නිවසට ඇරලීම සදහා ඇගේ කැබ් රථයෙන් නිවස කරා කැබි රථය ධාවනය කරවන අවස්ථාවේ කැබ් රථය රියදුරුගේ පාලනයෙන් මිදි ප්රපාතයට පෙරලීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි පුස්සැල්ලාව පොලිසියේ රථවාහන අංශයේ නිළධාරියෙකු කියා සිටියහ.
ප්රදේශයේ පදිංචිකරුවන් විසින් තුවාලකරුවන් පිටතට රැගෙන රෝහල් ගත කිරිමේදි රියදුරු එම ස්ථානයේදිම මිය ගොස් සිටි බවත්, බරපතල ලෙස තුවාල ලැබූ කාන්තාව ගම්පොළ මූලික රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු මිය ගිය බවයි පුස්සැල්ලාව පොලිසියේ නිළධාරියෙකු කියා සිටියේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

