ආසියානු සංවර්ධන බැංකුව (ADB) ශ්රී ලංකාව වෙත ඩොලර් මිලියන 100 මූලය පහසුකමක් අනුමත කර තිබේ.
දුප්පතුන් සහ වැඩිහිටියන් සඳහා සමාජ ආරක්ෂාව, සියලු දෙනා ඇතුළත් ආර්ථික වර්ධනයක් සහ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා ඩොලර් මිලියන 50 ක ප්රතිපත්ති පාදක ණයක් සහ ඩොලර් මිලියන 50 ක ව්යාපෘති ණයක් මේ හරහා ලබාදීමට නියමිතය.
මෙම මුලපිරීම, අඩු ආදායම්ලාභී පවුල් සඳහා ජීවනෝපාය සහ රැකියා අවස්ථා පුළුල් කිරීමට, වැඩිහිටි සත්කාර සේවා වැඩිදියුණු කිරීමට සහ රටේ සමාජ ආරක්ෂණ පද්ධතියේ ප්රතිචාරාත්මක බව ඉහළ නැංවීමට රජයට උපකාර කිරීම අරමුණු කරයි.
