යාපනයේ පාසල් සිසුවියක වූ සිවලෝගනාදන් විද්‍යා දැරිය පැහැරගෙන ගොස් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවන් විසින් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් විභාගය අද (6) ශ්‍රේෂ්ඨාධිකරණයේදි අවසන් විය. එහි තීන්දුව ලබාදීම පසුවට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තින්දු කළේය..අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන ප්රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්විණි.
2015 වසරේදි විද්‍යා දැරිය ඝාතනය කිරිම සම්බන්ධයෙන් වරදකරු වී මරණය දණ්ඩනය නියම වී සිටින ස්වීස් කුමාර් ඇතුළු විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් විභාගය මෙලෙස අවසන් කර ඇත.