ප්රා ලේ කොට්ඨාස 14කට නාය යාමේ අනතුරු ඇඟවිම්
පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්රික්ක තුනක ප්රාදේශීය ලේකම් කොට්ඨාස 14ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (06) දහවල් පියවර තිබේ.
ඒ අනුව කෑගල්ල දිස්ත්රික්කයේ යටියන්තොට, රත්නපුර දිස්ත්රික්කයේ රත්නපුර, ඇලපාත, කුරුවිට යන ප්රාදේශීය ලේකම් කොට්ඨාසයන් සඳහා පූර්ව අනතුරු ඇඟවීමේ දෙවන මට්ටමේ අවදානමෙන් සිටින ලෙස දැනුම්දීමේ නිවේදන නිකුත් කොට තිබේ.
එමෙන්ම මහනුවර දිස්ත්රික්කයේ ගග ඉහළ කෝරලය, කෑගල්ල දිස්ත්රික්කයේ වරකාපොල, කෑගල්ල, රත්නපුර දිස්ත්රික්කයේ කිරිඇල්ල, කහවත්ත, අයගම, කලවාන, ඇහැලියගොඩ, නිවිතිගල සහ පැල්මඩුල්ල යන ප්රාදේශීය ලේකම් කොට්ඨාසයන් සඳහා පළමු මට්ටමේ විමසිලිමත්ව සිටින ලෙස සඳහන් අනතුරු ඇගයීමේ නිවේදනය නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.
අද (06) පස්වරු 12.30 සිට හෙට (07) පස්වරු 12.30 දක්වා මෙම නිවේදන වලංගු වන බවත්, එම නිවේදන නිකුත් කොට ඇති ප්රාදේශීය ලේකම් කොට්ඨාසයන්ගේ පදිංචි ජනතාව මේ පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.
ශාන් හුලංනුගේ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

