වසරකට ලංකාවේ ලඳුරු රෝගින් 2000ක්
වසර 2035 වනවිට මෙරටින් වාර්තාවන ලාදුරු රෝගීන්ගේ සංඛ්‍යාව බිංදුව දක්වා පහතට ගෙන ඒමට වත්මන් රජය සැලසුම්සහගතව කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කරනු ලැබුවේ 2025 ජාතික ලාදුරු සමුළුවට සමගාමීව ඒ පිළිබදව මාධ්‍ය දැනුවත් කිරීමේ අරමුණින් පවත්වන ලද විශේෂ මාධ්‍ය හමුවේ දීය.
1996 වර්ෂයේ දී ශ්‍රී ලංකාව මහජන සෞඛ්‍යට තර්ජනයක් නොවන අයුරින් ලාදුරු රෝගය තුරන්කර දැමූ නමුත්, එම ගමන තවමත් අවසන් නොමැති බව මෙහි දී වැඩිදුරටත් අවධාරණය කළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා නව රෝගීන් තවදුරටත් අඛණ්ඩව හමුවන බව ද පැවසීය. වාර්ෂිකව ලාදුරු රෝගීන් 1500 – 2000ක් පමණ අලුතින් හදුනා ගැනෙන බවත්, ඔවුන්ගෙන් 10% ක් පමණ වයස අවුරුදු 10 ට අඩු කුඩා දරුවන් බවත් මෙහි දී අමාත්‍යවරයා පැවසීය.
රෝගය පැතිර යාමට හේතුවන රෝගීන් කල්තියා හදුනා ගැනීම, රෝහල් පද්ධතිය මගින් රෝගීන්ට ලබා දෙන ප්‍රතිකාර සහ පහසුකම් වැඩිදියුණු කිරීම, ආබාධිත තත්ත්වයට පත්වූවන් වෙනුවෙන් විධිමත් පුනරුත්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ආදිය ක්‍රමවත්ව සිදුකෙරෙන බව අවධාරණය කල අමාත්‍යවරයා ලාදුරු රෝගය මෙරටින් තුරන් කිරීමට සදහා යන ගමනේ වැදගත් සංධිස්ථානයක් ලෙස මෙම සමුළුව හදුන්වා දිය හැකි බවත්, මෙමගින් ලාදුරු රෝගය පැතිර යාමට තිත තැබීමේ ප්රයත්නය තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කරන බව ද සදහන් කර සිටියේය.
මේ සදහා සෞඛ්‍ය ක්ෂේත්රයේ සේවය කරන සියලුම කාර්ය මණ්ඩලය අපිරිමිත කැපවීමකින් සේවය කරන බව ද අමාත්‍යවරයා පෙන්වා දෙන ලදී.
ලාදුරු රෝගය මෙරටින් තුරන්කර දැමීම සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය සහ සසකාවා පදනම වසර ගණනාවක සිට සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදෙන අඛණ්ඩ සහාය වෙනුවෙන් සිය කෘතවේදීත්වය ද මෙහි දී අමාත්‍යවරයා පළකර සිටියේය.
2025 ජාතික ලාඳුරු සමුළුව අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු හා සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ පෙරවරුවේදී කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී ආරම්භ විය. එයට සමඟාමීව මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබුණි.
“ලාඳුරු රෝගය තුරන් කිරීමට අත්වැල් බැදගනිමු” යන්න තේමා කරගනිමින් පැවැත්වෙන මෙම සමුළුව අද සහ හෙට (07) යන දෙදින පැවැත්වෙනු ඇත. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්යාලය, සසකාවා ලාදුරු මර්දන පදනමේ සහයෝගීතා දායකත්වයෙන් මෙම දෙදින වැඩමුළුව සංවිධානය කර ඇත.
සැසි කිහිපයක් ලෙස පැවැත්වෙන මෙම දෙදින සමුළුවේ දී ලාදුරු රෝගය මෙරටින් තුරන් කිරීම සදහා ජාත්‍යන්තර දැනුම බෙදා ගැනීම, අදහස් යෝජනා ඉදිරිපත් කිරීම ඇතුළුව රෝගය මර්දනය කිරීම සදහා දීර්ඝව සාකච්ජාවට භාජනය කෙරුනු ඇත. එමෙන්ම විෂයට අඳාළ විශේෂඥයන් විසින් තාක්ෂණික සැසිවාරයන්ද පැවැත්වීමට සැලසුම්කර ඇත.
මෙම සමුළුවේ සමාරම්භයේ දී ඉදිරි වසර 10 තුළ ලාඳුරු රෝගය මෙරටින් තුරන් කිරීම සදහා සම්පාදනය කරන ලද මාර්ග සිතියම එළිදැක්වීමට ද පියවර ගන්නා ලදී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

