අදානි සමාගම මන්නාරමේ අත්හැර දැමූ සුළං විදුලි ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ප්‍රථමයෙන් සංක්‍ර මණික කුරුල්ලන් පිළිබඳව ගැඹුරු අධ්‍යනයක් කළ යුතු හෙයින් එය පටන් ගැනීමට අවම වශයෙන් වසරක දෙකක කාලයක් ගතවනු ඇති බව ආරංචි මාර්ග පවසයි.
එම ප්‍රදේශයට සංක්‍රමණික කුරුල්ලන් පැමිණිමේ රටාව සහ වාසස්ථාන පිළිබඳව එහිදී අධ්‍යයනය කරනු ඇති බවද එමගින් සංක්‍රමණික කුරුල්ලන්ට එල්ල වන බලපෑම පිළිබඳව අවබෝධයක් ලබා ගත හැකිවනු ඇති බවද පැවැසේ.
අවශ්‍ය සියලුම අනුමැතීන් ලබා ගැනීමෙන් පසුව එවැනි ආකාරයේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ආයෝජකයකු තෝරා ගැනීම වත්මන් රජයේ උපාය මාර්ගය බවද ආරංචි මාර්ග දක්වාසිටියි.