බණ්ඩාරවෙල දෝව ඓතිහාසික රජ මහා විහාරස්ථානයට ඉහළ කන්දේ අද (03) සවස සිට පැතිරී යන ගින්න පාලනය කිරීම සඳහා සහන සේවකයින්ගේ සහය සදහා යුද හමුදා කඳවුරේ නිලධාරීන් විසිදෙනෙකු කැඳවූ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
පසුගිය වර්ෂාව හා අධිකර සුළං තත්ත්වය යටතේ වගාවන්ට සිදුවූ හානි පිළිබඳව තක්සේරු කිරීමේ කටයුතු කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මේ වන විටත් ආරම්භ කර ඇති බව ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
Read Moreනීතිපති දෙපාර්තමේන්තු නියෝජිතයින් විසින් සාක්ෂිකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශයන් වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වය වෙත ලබා දීම, පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුවේදී අද (03) සිදු විය.
Read Moreජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු සුරා බදු පනතට පටහැනි අන්දමින් නව මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම මගින් මුදල් ඇමතිවරයා ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම් දෙකක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) තීිරණය කළේය.
Read Moreප්‍රමිතියෙන් තොර ‘හියුමන් ඉමියුනොග්ලොබින්’ එන්නත් සහ පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන ඖෂධයක් මිලදී ගැනීම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ලබන සතියේදී නඩු පැවරීමට බලාපොරොත්තුවන බව බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (03) දැනුම් දුන්නේය.
Read Moreකොළඹ සිට බණ්ඩාරවෙල දක්වා ධාවනය වෙමින් තිබූ බඩු පැටවූ ලොරියක් අද තුන (03) සවස බණ්ඩාරවෙල කොළතැන්න රේල් ගේට්ටුව හරහා දුම්රිය මාර්ගය ඔස්සේ ධාවනය වී දුම්රිය මාර්ගයේ සිරවී ඇතැයි බණ්ඩාරවල පොලිසිය පැවසීය.
Read Moreමගී ප්‍රවාහනය සඳහා පහත් පිවිසුම් සහිත සුවපහසු බස් රථ 100ක් සේවයේ යෙදවීම වෙනුවෙන් ඉදිරිපත් වූ කැබිනට් යෝජනාවකට අනුමැතිය ලැබී තිබේ. බස්නාහිර පළාතේ කොළඹ ඇතුළුව මාකුඹුර කඩුවෙල, කඩවත හා මොරටුව යන ප්‍රධාන මාර්ග කොරිඩෝ කිහිපයක් ඔස්සෙ මෙම බස් රථ ධාවනය කිරීමට නියමිතය.
Read Moreජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචර්ඩ් මාල්ස් (Richard Marles) මහතා අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්‍යාලයේදී අද (03) පෙරවරුවේදී පැවැත්විණි.
Read Moreතන්තිරිමලේ පුද බිමේ ඓතිහාසික වටිනාකම ජාතියට හෙළි කළ විජය පුවත්පත් සමාගමේ බැති බර දායකත්වයෙන් තන්තිරිමලේ පුදබිම 22 වැනි වරටත් විදුලි බුබුළු දස දහස් ගණනකින් එළිය කෙරෙන ‘‘ලංකාදීප පොසොන් ආලෝක පූජාව’’ මේ මස 9, 10 සහ 11 යන දිනවලදී පැවැත්වේ.
Read Moreශ්‍රී ලාංකිකයින් සඳහා මාලදිවයිනේ රැකියා අවස්ථා ලක්ෂයක් දක්වා ඇති බවත් දැනට මාලදිවයිනේ ශ්‍රී ලාංකිකයන් තිස් දහසක් පමණක් විවිධ රැකියාවල නිරත වන බවත් ශ්‍රී ලංකාව සඳහා මාලදිවයින මහොකොමසාරිස් මසූද් ඉමාද් මහතා පැවසුවේ ය.
Read Moreආසියාවේ HIV රෝගය පැතිරීම ඉතා අවම මට්ටමක පවත්වා ගත් රටක් ලෙස ශ්‍රී ලංකාව හැදින්විය හැකි බවත්, විශේෂයෙන්ම රටේ ජනගහනයට සාපේක්ෂව HIV සමග ජීවත්වන්නන්ගේ ප්‍රමාණය සැළකීමේ දී එය ඉතා අඩු මට්ටමක පැවතීම ප්‍රශංසනීය කරුණක් බවත්, ඒ සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රමුඛත්වය ගනිමින් ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන විශේෂ වැඩසටහන් වලට අමතරව ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය මගින් සිදුකරනු ලබන අර්ථවත් ක්‍රියාකාරකම් ද බෙහෙවින් හේත
Read Moreරක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල සහ අමාත්‍යවරයාගේ හිටපු සම්බන්ධීකරණ නිලධාරියකු වන නිශාන්ත බණ්ඩාර බස්නායක යන සැකකරුවන් තුන්දෙනා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
Read Moreවිශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයත් සමග සීමාවාසික පුහුණුව ලබා දීම සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටළුව හේතුවෙන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය හැදැරීම සීමා කිරීමක් සිදු කළ බවත්, මෙම ගැටළුවට ස්ථීරසාර විසඳුමක් ලැබුණු පසු ඒ පිළිබඳ තීන්දුවක් ගන්නා බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක , සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකා විදුලිබල (සංශෝධනති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගොනුකළ පෙත්සමක පිටපතක් තමන් වෙත ලැබුණු බව කථානායක ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී නිවේදනය කරයි.
Read Moreදෙහිඅත්තකන්ඩිය මහියංගණය ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් අද (03) උදෑසන හොබරියාව ශ්‍රී ගුණරතනාරාම විහාරස්ථානය ඉදිරිපිට දී මාර්ගයෙන් ඉවතට පැන පදික වේදිකාවට කඩා වැදීමෙන් එහි සිටි පෙර පාසල් දරුවන් හතර දෙනකු ඇතුළු හත් දෙනකු තුවාල ලබා ගිරාදුරු කෝට්ටේ රෝහල වෙත ඇතුළත් කළ බව ගිරාදුරු කෝට්ටේ පොලිසිය පැවසීය.
Read More2025 අප්‍රේල් මාසයේදී වාහන ආනයනය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 134ක් වැය කර ඇති බව මහ බැංකුව පවසයි. එසේම අප්‍රේල් මාසය අවසන් වන විට ශ්‍රී ලංකාවේ සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 6.3ක අගයක පවතින බවද මහ බැංකුව නිවේදනය කරයි.රථ ආනයනය (එ. ජ. ව ා. මිලියන 134) වහේතු විය.
Read Moreනාරාහේන්පිට පොලිස් වසමේ කිරිමණ්ඩල මාවත ප්‍ර දේශයේදී තුසිත හල්ලොලුවට වෙඩි තැබිමේ සිදුවිමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
Read Moreඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය මෙන්ම එරට ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාර්ලස් ( Richard Marles ) මහතා දෙදින නිල සංචාරයක් සදහා 06/02 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
Read Moreබලය අයුතු ලෙස භාවිතා කරමින් රතු ලේබලයෙන් යුතු බහාලුම් රේගුවෙන් පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීමට උපදෙස් ලබා දීමේ නීතිවිරෝධී ක්‍රියාව සිදු කල බිමල් රත්නායක අමාත්‍යවරයාට එරෙහිව විමර්ශනයක් සිදු කර නීතිමය ක්‍රියාමාර්ග ගැනිමට කටයුතු කර මෙන් ඉල්ලා පිවිතුරු හෙළ උරුමය විසින් 2025.06.02 දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් භාර දෙන ලදී.
Read Moreමෙරට ජනතාවට වඩාත් උසස් මහජන සෞඛ්‍ය සේවාවක් සැපයීම අරමුණු කර මානව සම්පත ඉහළ නැංවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සෞඛ්‍ය කාර්ය සහායක (ක්ෂේත්‍ර මදුරු මර්දන සහායක) තනතුර සදහා 640 දෙනෙකුට හෙට (03) ස්ථිර පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට සැලසුම් කර ඇත.
Read Moreගාල්ල ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මාසය එකහමාරක් වයසැති බිළිඳකු කොරෝනා ආසාදනය වී මියගිය බව තහවුරු වී ඇතැයි රෝහල් අධ්‍යක්ෂවරයා පවසයි.
Read Moreශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධිය හැදෑරීම සඳහා දේශීය සිසුන් බඳවා නොගැනීමට රජය ගත් තීරණය වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිසුන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙතසමක් අද (02) ගොනු කළහ.
Read Moreඉතාලියේ එට්නා ගිනි කන්ද යළි සක්‍රීය වී තිබේ.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වලට අනුව ගෝලීයව, 2025 වසරේ පෙබරවාරි මාසයේ සිට COVID – 19 රෝගය ඇතිකරන SARS-CoV-2 වයිරසයේ ක්‍රියාකාරීත්වයේ ඉහළ යෑමක් වාර්තාවිය.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද කෙටි කාලීන උද්ධමන පුරෝකථන හා අනුකූල වෙමින් අවධමන තත්ත්වයෙහි පෙන්නුම් කළ ලිහිල් වීම 2025 මැයි මාසයේ දී ද දක්නට ලැබුණ බව මහ බැංකුව පවසයි.
Read Moreලෝක පරිසර දිනයට සමගාමිව බුද්ධදාස රජුගේ ඔසු උයන නමින් හදුන්වන බිබිල නිල්ගල ඹෟෂධීය වනාන්තරය 02 දින සිට රක්ෂිත වනාන්තරයක් ලෙස ගැසට් කිරීමට අත්සන් කළ බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පැවසීය.
Read Moreගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ඉතිහාසයේ ප්‍රථම වතාවට ප්‍රාදේශීය සභා සභාපති ධූරයකට කාන්තාවක් පත්ව සිටින අතර ඇය බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභාවට ජාතික ජනබලවේගයෙන් තේරීපත්ව සිටින අංකොක්කාවල ලියනගේ ජයමිණි මහත්මියයි. බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ලෙස ඉඳුනිල් වීරසිංහ මහතා පත්ව සිටියි.
Read Moreජාතික තේරීම් කමිටුව පත් කිරීම තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කර තිබේ.
Read Moreතම බල ප්‍රදේශය සංවර්ධනය කිරීම සඳහා උනන්දුවක් දක්වන ප්‍රගතිශී ඕනෑම අපේක්ෂකයෙකු කණ්ඩායමක් සමග එක්ව රටේ පළාත් පාලන ආයතන 267 කම බලය පිහිටුවීම රජයේ අරමුණ බව බුද්ධ ශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා 02 දින පැවසීය.
Read Moreතලවාකැලේ - ලිඳුල නගර සභාවේ හිටපු සභාපති අසෝක සේපාල මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More