ලක්ෂ 135ක විදෙස් දුම්වැටි සමග ව්‍යාපාරිකයන් දෙදෙනෙක් අල්ලයි
රුපියල් එක් කෝටි තිස් පන් ලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " ( Green Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු සමග 02/27 දින අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මොවුන් දෙදෙනා ව්‍යාපාරිකයන් වන අතර , ඉන් එක් අයෙකු 27 හැවිරිදි අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි . අනෙකා කල්මුණේ ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි අයෙකි. ඔවුන් 02/27 දින අලුයම 12.00 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ , විදේශීය නිෂ්පාදිත '' ප්ලැටිනම්'' සහ " මැන්චෙස්ටර් '' වර්ගයේ දුම්වැටි 86,800 ක් අඩංගු දුම්වැටි කාටූන් 434 ක් සහ විද්‍යුත් දුම්වැටි 30 ක් ද සගවා ගෙන සිටියදී , රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මොවුන් දෙදෙනා අත් අඩංගුවේ තබා ගෙන , මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
