රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කර විකුණන ලදැයි කියන සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ ප්‍රසන්න රණවීර ඇතුළු පිරිසකට එරෙහිව ගම්පහ මහාධිකරණය විසින් අධි චෝදනා භාර දුන්නේය.
සියලු විත්තිකරුවන් ඇප මත මුදා හැරි ගම්පහ මහාධිකරණ විනිසුරු නයනා සෙනෙවිරත්න මහත්මිය නඩුව නැවත මාර්තු මස 27 වැනි දින දක්වා කල් තැබීමටද නියෝග කළාය.