සූර්ය බල සංග්‍රාමය වැඩසටහන යටතේ ඉකුත් වර්ෂයේ දි (2025) මෙගාවොට් 550ක වහලමත සවිකරණු ලබන සූර්ය පැනල පද්ධති ස්ථාපනය කර එමගින් නව පාරිභෝගිකයින් 12700ක් සදහා සම්බන්දතා ලබා දි ඇති බැව් ශ්‍රිලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය පවසයි.
එය නියමිත වාර්ෂික ඉලක්කය දෙගුණයකටත් වඩා ඉක්මවායාමක් බව සුනිත්‍ය බලශක්ති අධිකාරිය පෙන්වාදෙයි. වාර්ෂික ඉලක්කය මෙගාවොට් 180කි. මේවනවිට වහලමත සවිකරණු ලැබු සූර්ය පැනලවල සමුච්චිත ධාරිතාවය මෙගාවොට් 1966කි. එය පාරිභෝගිකයින් 124,017කට සෘජුවම ප්රතිලාභ ලබාදෙන බවද සුනිත්‍ය බලශක්ති අධිකාරිය පවසයි.
ඉකුත් වර්ෂය තුල ශ්‍රිලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් සූර්ය බලශක්ති සමාගම් 49ක් ලියාපදිංචිකොට ඇත.