ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි "ජීවතුන් අතර" සිටින බව රාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි එන්බීසී ප්රවෘත්ති නාලිකාවේ හා සජීවීව එක්වෙමින් පැවැසීය.
ඉරානයේ බහුතරයකට අන්තර්ජාලය ක්‍රියා විරහිතව ඇති බවත් ඉරානයේ "අණ දෙන නිලධාරීන් එක් අයෙක් හෝ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ඔහු පැවැසීය.
ජනාධිපති සහ හමුදා ප්‍රධානියා ඇතුළු ඉරාන නිලධාරීන් සහ අණ දෙන නිලධාරීන් ගණනාවක් ඝාතනය කර ඇති බවට පළවන වාර්තා ඉරාන මාධ්‍ය ප්‍රතික්ෂේප කර තිබේ.
එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඔවුන්ගේ ප්‍රහාර නතර කළහොත් ඉරානයද ප්‍රහාර අඩුකිරීමට අපේක්ෂා කරන බවත් සාකච්ඡා සඳහා විවෘත බවත් ඔහු පවසයි.
ඉරානය මැදපෙරදිග පිහිටි ඇමෙරිකා කඳවුරුවලට ප්‍රහාර එල්ල කරන බවත් එය හුදෙක්ම තම ආරක්ෂාව වෙනුවෙන් සිදුකරන්නක් බවත් ඉරාන විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.
