කටුනායකට යළිත් ඩිජිටල් නොමෑඩ් වීසා පහසුකම
ශ්‍රී ලංකාව තුළ ඩිජිටල් නොමෑඩ් වීසා පහසුකම් ( Digital Nomad Visa ) යළි ක්‍රියාත්මක කිරීම 02/26 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ " සිල්ක් රූට් " මගී පර්යන්තයේ දී ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබද නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී සිදු කෙරුණි .
ඉකුත් 2023 වසරේ දී සුළු කාළයක් තුළ ක්‍රියාත්මක වූ මෙම ඩිජිටල් නොමෑඩ් වීසා පහසුකම් යටතේ මෙරට තුළ පදිංචි ,අන්තර්ජාලය හෝ මාර්ගගත ක්‍රමයට විදේශ රටවල ව්‍යාපාර හෝ රැකියා වල නිරත වී මාසයකට ඇමෙරිකානු ඩොලර් 2,000 ක මුදලක් මෙරටට රැගෙන එන විදේශිකයන් සදහා හිමි වේ . ඔවුන්ට මෙරට තුළ රැකියා හෝ වෙනත් ව්‍යාපාරික කටයුතු වල නිරත වීම තහනම් වන අතර ඔවුන්ගේ දූ දරුවන් මෙරට ජාත්‍යන්තර හෝ පෞද්ගලික පාසැල් වෙත යොමු කළ හැකිය.
තම මව් රටවලින් ලබා ගන්නා පොලිස් සහතික සහ වෛද්‍ය වාර්තා ආදිය ආරක්ෂක අමාත්‍යාංශ සහ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඇගැයීමකට ලක් කිරීමෙන් පසුව වසරක කාළයක් සදහා මෙම ඩිජිටල් නොමෑඩ් වීසා නිකුත් කිරීම සිදු කෙරේ.
එහිදී ඔවුන්ගේ බැංකු ගිණුම් සහ ආදායම් බදු ගෙවීම් පිළිබද දේශීය ආදායම් ,සංචාරයක අමාත්‍යංශය , ආගමන විගමන දෙපාර්තමේන්තුව නිරන්තරයෙන් අධීක්ෂණයන් සිදු කරති .
මෙම ඩිජිටල් නොමෑඩ් වීසා පළමු බලපත්‍රලාභිනිය වූයේ යූක්‍රේන ජාතික ඩාර්යා ගෝර්ඩියෙන්කෝ මහත්මිය සහ ඇයගේ සැමියා වූ යාරොස්ලාව් කොවෙල්චුක් මහතාය .
ඔවුන් වෙත ඩිජිටල් නොමෑඩ් වීසා බලපත්‍රය පිරිනැමීමේ උත්සවයට ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබද නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න , ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය , ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වීසා පාළක නයනා සේනාරත්න මහත්මිය ඇතුළු මෙම ව්‍යාපෘතියට නිලධාරීවරුන් විශාල පිරිසක් ද පැමිණ සහභාගී වී සිටියහ.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
