2026 වසර සඳහා නිකුත් කරන ලද රු. 3,000ක් වටිනා පාසල් පාවහන් මිලදී ගැනීමේ වවුචර්පත්වල වලංගු කාලය මාර්තු 15 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ.මෙම වව්චර්පත් පෙබරවාරි 28 දිනෙන් අවසන් වීමට නියමිතව තිබිණි.
මෙම වැඩසටහන තෝරාගත් පාසල් සිසුන්ට මෙන්ම පිරිවෙන් සහ සිල්මතා ආරාමවල ගිහි හා පැවිදි සිසුන්ටද ලබා දේ.
වව්චර්පත්වල කාලසීමාව දීර්ඝ කිරීම හේතුවෙන් පාසල් සිසුන්ට තම පාසල් පාවහන් මිලදී ගැනීම සඳහා අමතර කාලයක් ලබාදී ඇත.