මිල සූත්‍රය අනුව ඉන්ධන මිල ගණන් අද (28) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව තීරණය කර තිබේ.
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 04කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 281කි.
සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 06කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල් 329කි.
ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් මිල රුපියලකින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 293කි.
ලංකා භූමිතෙල් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මිල සංශෝධනය නොකළ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කරයි.