ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයෙකුව සිටි තුසිත හල්ලොලුව මහතා ලබන 04 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
මෙරට ආර්ථිකයේ කොඳු නාරටිය බඳු ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් ශක්තිමත් කිරීමේ අරමුණෙන් ආරම්භ කළ ජාතික ණය සුරැකුම් ආයතනය අද (02) නිල වශයෙන් මෙහෙයුම් කටයුතු ආරම්භ කරන බව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.
Read More2025 අප්‍රේල් මාසයේදිද විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් ඉහළ ගොස් තිබේ. අප්‍රේල් මාසයේදී විදෙස් ශ්‍රම්ක ප්‍රේෂණ ඇමෙරිකානු ඩොලර් මිලියන 646.1ක් දක්වා ඉහළ ගොස් තිබේ. 2024 අප්‍රේල් මාසයේදී එම අගය ඇමෙරිකානු ඩොලර් මිලියන 543.8ක් විය.
Read Moreමුලතිව් පොලිස් වසමේ ඊයෙ සිදුවූ දිය අනතුරු දෙකකින් දරුවන් තිදෙනෙක් හා වැඩිහිටියෙක් මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreඕස්ට්‍රේලියානු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල් එක්දින ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ.
Read Moreමෙම වර්ෂයේ (2025) මාර්තු මාසයේ දී මෙරට තේ නිෂ්පාදනය ඉකුත් වර්ෂයේ (2024) මාර්තු මාසයට සාපේක්ෂව තේ කිලෝග්‍රෑම් මිලියන 24.4 දක්වා සියයට 24.8කින් වැඩි වී ඇති බැව් ශ්‍රී ලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සඳහන් වේ.
Read Moreඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට පංජාබ් කිංග්ස් කණ්ඩායම ඊයේ (01දා) සමත් විය.
Read Moreමුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා මෙම මස අග විශ්‍රාම යන බවත්, ඉන් අනතුරුව ඔහු ආසියානු සංවර්ධන බැංකුවේ විකල්ප විධායක අධ්‍යක්ෂකවරයෙක් ලෙස කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
Read Moreපොල් අර්බුදය විසඳීම සඳහා ආනයනය පළමු පොල් කිරි තොගය මේ වන විට වරායට රැගෙන විත් තිබෙන බවත් එහි නිෂ්කාශන කටයුතු හා රසායනාගාර පරීක්ෂා කටයුතු මේ වන විට සිදු කරන බවත් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පවසයි.
Read Moreයතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවෙකු විසින් අද (02) උදෑසන පානදුර වලාන ගැමුණු මාවත ප්‍රදේශයේදි වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමට ගත් උත්සාහයක් ව්‍යවර්ථ වීම හේතුවෙන් පලාගොස් ඇති බව පානදුර දකුණ මූලස්ථාන පොලිසිය පවසයි .
Read Moreගම්පොල මහෙස්ත්‍රාත්වරියට අපහාසාත්මකව හා තර්ජනාත්මකව නිර්නාමික ලිපි ලැබෙන බවට ඇය විසින් ගම්පොල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට පැමිණිලි කර තිබේ.
Read Moreඅල්ලස් හෝ දූෂණ චෝදනා සම්බන්ධයෙන් මෙම වර්ෂයේ (2025) මුල් මාස හතර තුළදී පැමිණිලි 1726ක් ලැබි ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
Read Moreසෙවනගල සීනි කර්මාන්තය වැසීයාමේ අවදානමක් නැතැයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.
Read Moreදරුවන් අතර ඉන්ෆ්ලුවන්සා, චිකුන්ගුන්යා සහ ඩෙංගු සීග්‍රයෙන් වර්ධනය විය හැකි අවදානමක් පවතින බැවින් එය වළක්වා ගැනීම සඳහා අවධානය යොමු කරන ලෙස රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා අවධාරණය කළේය.
Read Moreචිකුන්ගන්යා රෝගය වැළඳුණ හොත් NSAID කාණ්ඩයට අයත් බෲෆන්, ඩයික්ලු ෆැනක් සෝඩියම්, මෙෆැණිමික් ඇසිඩ් වැනි ඖෂධ වලින් සම්පූර්ණයෙන්ම වළකින ලෙසට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ජනතාවට අවධාරණය කර සිටී.
Read Moreඅපි විපක්ෂයේ,මිනිස්සු අපි හප්පලා තමයි විපක්ෂයට තල්ලු කරලා දැම්මේ.අපිත් එක්ක හැප්පෙන්න එපා කියන්න ජනාධිපතිතුමාට, හැප්පෙන්න කියන්න සී.ජී.ආර් එකත් එක්ක ලංකා බැංකුවත් එක්ක, තැපෑල එක්ක, අන්න දැන් හැප්පෙන්න තැන් තියෙනවා ගොඩක්, ඒගොල්ලොත් එක්ක හැප්පෙන්න කියන්න
Read Moreකොවිඩ් හා එහි ව්‍යාප්තියක් තිබේද යන්න පිළිබඳ සෞඛ්‍ය අංශ විසින් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත් ඒ අනුව කොවිඩ් හා එහි ව්‍යාප්තියේ ප්‍රවණ සම්බන්ධයෙන් සියලු කරුණු අඩංගු චක්‍රලේඛ 02ක් කඩිනමින් නිකුත් කරන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය.
Read Moreවඳවීයාමේ තර්ජනයට හසුව ඇති බන්දුල පෙතියා මත්ස්‍යා වෙසෙන භූමිය සංරක්ෂණ කලාපයකට බවට පත්කිරීම හෙට (02දා) සිදු කිරීමට නියමිතය.
Read Moreගාල්ල ජාතික රෝහලේ දී පසුගිය 25 වැනි දා මියගිය 57 හැවිරිදි දෙදරු මවගේ මරණයට හේතුව දුරකථන චාජරයකින් වෝල්ට් 110ක විදුලි ධාරාවක් ශරීරගත වීම බව අනාවරණය වී තිබේ.
Read Moreතමන් සතු රුපියල් කෝටි දහයක් පමණ වටිනා අංගසම්පූර්ණ නිවස සහ ඉඩම සඟසතු කිරීමට ඇල්පිටියේ තරුණ වයාපාරිකයකු වන ඇල්පිටිය සෙන්ටල් වයාපාර සමූහයේ අධයක්ෂක එම්.ජි.සමන් කුමාර මහතා ඊයේ(31) දහවල් පියවර ගත්තේය.
Read Moreරජයක් ලෙස මෙරට දේශීය ඖෂධ නිෂ්පාදකයා දිරිගන්වමින්, ඖෂධ නිෂ්පාදන කර්මාන්තයේ සංවර්ධනයට දිය හැකි උපරිම සහාය අඛණ්ඩව ලබා දෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
Read Moreපසුගිය වසර දෙක තුල රාජ්‍ය අනුග්‍රහයක් නොමැතිව සිදු කෙරුණු පොසොන් මහා පිංකම වතමන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මැදිහත් වීම මත මෙවර පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදු කිරිමට සියලු කටයතු සූදානම් වෙමින් පවතින බව මිහින්තලා රාජ මහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණ වැවේ ධම්මරතන නායක හිමිපාණන් පැවසූහ.
Read Moreජාතික බදු සතිය හෙට (02දා) සිට ආරම්භ වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නියේදනය කරයි.
Read Moreගාසා තීරයේ ආධාර මධ්‍යස්තානයක් අසල ඊශ්‍රායලය සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගයන් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreඅයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් 14ක පවලු 2641ට අයත් පුද්ගලයන් 9975 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.
Read Moreජුනි මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොවන බව එම සමාගම නිවේදනය කරයි.
Read Moreරියදුරු බලපත්‍රයක් නොමැතිව යතුරු පැදියක් පැදවූ 17 හැවිරිි දි පාසල් සිසුවෙකුට නීතිය ක්‍රියාත්මක නොකිරීමට රුපියල් දහදාහක අල්ලසක් ලබාගත් පොලිස් සැරයන්වරයෙකු ලබන ජුනි නව වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් කේ.ජීවරාණි මහත්මිය අල්ලස් හෝ දූෂණ කොමිසමේ විමර්ශන නිලධාරීන්ට නියෝග කළාය.
Read Moreදිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය අද (01) දින සිට ක්‍රමයෙන් අඩුවෙනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreතායිලන්ත රූ රැජින ඔපල් සුචාටා 2025 ලෝක රූ රැජින ලෙස කිරුළු පැළඳිමට සමත්විය.ලෝක රූ රැජින තරගාවලියේ අවසන් මහ තරගය හයිද්‍රාබාද්හි HITEX ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී ඊයේ රාත්‍රී අවසන් විය.
Read Moreලංකා සුදු ඩීසල් ලීටරය්ක්රුක්පියල් 274ක් ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 325 ක් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 341ක් ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටයරයක් රුපියල් 293ක් ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 178ක්
Read More