සැක සහිත මරණ දෙකක්
- 27 02 2026
- 09:26
- {{hitsCtrl.values.hits}} views
- ..
වීරඹුගෙදර පොලිස් වසම - 2026.02.26 දින දහවල් වීරඹුගෙදර පොලිස් වසමේ ගෝනව දෙමටලන්දවත්ත ලඳුකැලෑ ප්රදේශයක සැකකටයුතු ලෙස මියගිය කාන්තා මළසිරුරක් ඇති බවට වීරඹුගෙදර පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත. මරණකාරිය අවුරුදු 65 ක් වූ ගෝනව, වීරඹුගෙදර ප්රදේශයේ පදිංචිකාරියකි. මරණකාරියගේ ගෙලෙහි කුඩා ලනුවක් නිරීක්ෂණය වී ඇති අතර කාන්තාවගේ මෘත ශරීරය ආසන්නයේ ඇයට අයත් බවට සැකකරන ගමන් බෑගයක් හා මුදල් පසුම්බියක්ද වැටී තිබී පොලිසිය විසින් සොයා ගෙන ඇත. මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වීරඹුගෙදර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
බෙම්මුල්ල පොලිස් වසම - 2026.02.26 දින දහවල් බෙම්මුල්ල පොලිස් වසමේ බාස්ලියැද්ද ප්රදේශයේ වෙල්යායක පුද්ගලයෙකු පිළිස්සී මියගොස් ඇති බවට බෙම්මුල්ල පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.මරණකරු වයස අවුරුදු 76 ක් වූ බෙම්මුල්ල ප්රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්රාත් පරික්ෂණය හා පශ්චාත් මරණ පරික්ෂණය සිදුකිරීමට නියමිතව ඇති අතර මෙම මරණය ඝාතනයක්ද යන්න අනාවරණය කර ගැනීම සඳහා බෙම්මුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
