පසුගියදා තෙදිනක් පුරා පැවති කොමියුනිස්ට් පක්ෂ ජාතික සම්මේලනයෙන් පත් වූ නව මධ්‍යම කාරක සභාව ඊයේ (28) පක්ෂ මූලස්ථානයේ දී රැස්වී පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය පත්කර ගනු ලැබීය.
එහිදි පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා වශයෙන් නැවත වතාවක් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ සහෝදරයා තේරී පත් විය. මේ පත්වීම ඒකමතිකව සිදුවිය.
පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ සහෝදරයා ද ඒකමතිකව තේරීපත් විය.
පක්ෂයේ නව දේශපාලන මණ්ඩලය ද මෙම පළමු මධ්‍යම කාරක සභා රැස්වීමේ දී තෝරා ගැනුණි.