මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවෙක් බව ජනිත් මධුසංඛ නොහොත් 'පොඩි ලැසී'ව දින 7ක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය අවර දුන්නේය.
ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් පොඩි ලැසී අද (27) අලුයම මෙරටට රැගෙන ආ අතර ඉදිරි විමර්ශන සඳහා ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට භාර දුන්නේය. ඉන් අනතුරුව ඔහු අධිකරණයට ඉදිරිපත් කළේය.