2030දී ජල භීතිකාව තුරන් කිරීමට ඉලක්කයක්
මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවේ අනාගත ප්රගමනය වෙනුවෙන් ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්ති සහ උපාය මාර්ග සංවර්ධනය සහ මඟපෙන්වීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර ගැනීම පිණිස පවත්වනු ලබන "ජාතික සෞඛ්‍ය සංවර්ධන කමිටුව" (NHDC) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී රැස්විය.
මෙම විද්වත් කතිකාව සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ අනෙකුත් අමාත්‍යාංශ, ලෝක සෞඛ්‍ය සංවිධානය, ආසියානු සංවර්ධන බැංකුව, යුනිසෙෆ් සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන, මෙරට විශ්ව විද්‍යාල, විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතන මෙන්ම මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයේ විවිධ අංශ සහ ක්ෂේත්‍ර නියෝජනය කරන විද්වතුන් රාශියක් එක්විය.
මෙරට ජීවත්වන ජනතාවට ගෞරවයෙන් හා අභිමානයෙන් යුතුව සෞඛ්‍ය සේවා රැකවරණ පද්ධතියේ ප්රශස්ත ප්රතිලාභ වඩාත් සමීපව භුක්ති විදීමේ අයිතිය තහවුරු කිරීම උදෙසා නව රජයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය යටතේ දිවයින පුරා “ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන” ස්ථාපිත කිරීම පිළිබදවත්, මේවන විට ක්‍රියාත්මක එහි නියමු ව්‍යාපෘතිය පිළිබදවත් මෙම විද්වත් කතිකාවේ දී ඉතා පුළුල්ව සලකා බලනු ලැබීය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ අදහසකට අනූව සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ආයතන,අංශ මෙන්ම අනෙකුත් අමාත්‍යාංශ, ආයතන, ව්‍යාපාරික ප්‍රජාව, පොදු ජනතාව සහ ජනමාධ්‍ය, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු සියලු දෙනාගේම සම්බන්ධීකරණයෙන් බෝනොවන රෝග සදහාවන කාර්ය සාධක බලකායක් පිහිටුවීම පිළිබදවත්, එහි වත්මන් තත්ත්වය පිළිබදවත් මෙහි දී සාකච්ජා විය.
මෙරට ජනතාවට ගුණාත්මක, ඵලදායි හා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීම මෙන් ම සෞඛ්‍ය පද්ධතිය ඩිජිටල්කරණයට ලක්කර කාර්යක්ෂම සේවාවක් බවට පත්කිරීම පිළිබදව ද මෙහි දී විශේෂ අවධානයක් යොමු විය.
2030 වර්ෂයවන විට ජලභීතිකාව මෙරටින් තුරන් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අපේක්ෂාවවන බැවින් ඒ සදහා මේවන විට ක්‍රියාත්මක සැලසුම් මෙන්ම ඉදිරි සැලසුම් සකස් කිරීම පිළිබදවත් මෙහි දී සාකච්ජාවට භාජනය කරන ලදී.
පසුගිය දිනවල මෙරටට බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් ඇතිවූ ජල ගැලීම් තත්ත්වය නිසා හානියට පත් වූ රෝහල් හා සෞඛ්‍ය ආයතනවල සෞඛ්‍ය සේවාවන් යථාවත් කිරීම, සෞඛ්‍ය වෘත්තිකයන්ගේ අපිරිමිත කැපවීම මෙන්ම වෛද්‍ය උපකරණ පිළිබදවත් මෙහි දී විශේෂ අවධානයක් යොමුකරන්නට විය.
එමෙන්ම සෞඛ්‍ය සේවාවේ මානව හා භෞතික සම්පත් සංවර්ධනය පිළිබදවත් මෙහි දී දීර්ඝව සාකච්ජාවට ගනු ලැබීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
