2026.03.05 දින උදෑසන මදුරන්කුලිය පොලිස් වසමේ කිලාමඩුච්චේන ප්රදේශයේදී මදුරන්කුලිය දෙස සිට රණවිරු වසන්ත මාවත ඔස්සේ කුරුඤ්ඤංවැටිය දෙසට ධාවනය වූ ලොරි රථයක ප්රථිවිරුද්ධ දෙසින් පැමිණි පාපැදියක් ගැටී එහි ගමන් ගත් පිරිමි ළමුන් දෙදෙනෙකු තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මරණකරුවන් අවුරුදු 08 හා 13 වයස්වල පසුවන කිලාමඩුච්චේන ප්රදේශයේ පදිංචිකරුවන් වේ. ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මදුරන්කුලිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.