කුරුඳු අපනයනය කිරීමෙන් පසු ගිය වසරේ රුපියල් කෝටි අටදහසක ආදායමක් ලැබු බව කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් එල්.එම්.ජේ.කේ.ලින්දර මහතා ඊයේ (5) අහුන්ගල්ල කටුවිලදී කීවේය.
මෙන්ඩිස් ගෲප් සමාගම මගින් නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් කුරුඳු සැකසුම් මධයස්ථානයක් විවෘත කිරීමේ උත්සවයේ ප්රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීවෙමින් ලින්දර මහතා එසේ කීවේය.
රටට ඩොලර් රැගෙන එන ප්රධාන ආදායම් මාර්ගයක්වී ඇත්තේ කුරුඳු අපනයනය කිරීම බවත් පසුගිය වසරේ (2025) කුරුඳු අපනයනයෙන් පමණක් ඇමරිකානු ඩොලර් මිලියන දෙසීය හැටක් නැතහොත් රුපියල් කෝටි අටදහසක ආදායමක් ලංකාවට ලබා ගැනීමට හැකිවූ බවද මෙහිදී ලින්දර මහතා කීවේය.