නොරොච්චෝලේ “ලක්විජය” බලාගාරය ආශ්‍රිතව ගල් අඟුරු සැපයීම ඇතුළු විවිධ ගැටලු මතු වී ඇති බවත් ඒ නිසා ඉදිරියේදී විශේෂයෙන්ම අප්‍රේල් මාසය වන විට විදුලිබල කප්පාදුවකට යාමට සිදුවන බවට වාර්තා වන පුවත් නොමග යවන සුළු හා සාවද්‍ය පුවත් බව බලශක්ති අමාත්‍යාංශය කියයි.
නොරොච්චෝල බලාගාරයට ඉදිරි කාලය සඳහා ඇනවුම් කළ ගල් අඟුරු නැව් 36න් 22ක් මේ වන විට ගොඩ බා ඇති අතර බලාගාරයේ කටයුතු සාමාන්‍යය පරිදි සිදු වන බවද අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
එමෙන්ම ඉතිරි සැපයුම් බාධාවකින් තොරව සැපයිය හැකි බවට සැපයුම්කරු අවධාරණය කර ඇති අතර අවශ්‍යය වී නම් හදිසි ගල් අඟුරු සැපයීමක් සඳහා කළ යුතු මූලික පියවරයන් ගෙන ඇති තත්වයක් තුළ හා අප්‍රේල් මාසය අවසානය තෙක් විදුලි ජනනය සඳහා අවශ්‍යය දැවි තෙල් තොග පවතින තත්වයක් තුළ ඉහත පරිදි විදුලි කප්පාදුවක් ඇති නොවන බව පැහැදිලිව ප්‍රකාශ කළ හැකි බවද ඒම නිවේදනයේ දැක්වෙයි.