හල්දුම්මුල්ල දෙමළ මහා විද්‍යාලයේ රාත්‍රියේ මුර සේවයේ යෙදී සිටි මුරකරු අද 06 මුරකුටියේම ජීවිතක්ෂයට පත් ඇති බව හල්දුම්මුල්ල පොලිසිය පැවසීය.
මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇත්තේ හල්දුම්මුල්ල පදිංචි වී සිටි ජේ.විශ්ව කුමාර් නමැති පනස් අට හැවිදි තිදරු පියෙකි. අද අලුයම හයට මොහුගේ සේවා මුරය අවසන් වීමට නියමිත සිටි බවද පොලිසිය පැවසීය.
උදෑසන පාසල ආරම්භ වීමෙන් පසුව ගුරුවරුන් සහ ළමුන් මුරකුටියේ ඇද වැටී සිටි මුරකරු දැක ඒ බව විදුහල්පතිවරයාට දැන්වීමෙන් පසු පොලිසිය දැනුම්වත් කර තිබේ.
මේ පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණයක් සහ හදිසි මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව ඇති බවද පොලිසිය පැවසීය. හල්දුමුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි